කිලෝ එකේ බර අඩු වෙයි වගේ

Published in අනං මනං
Wednesday, 15 July 2015 13:38

ඈත අතීතයේදී මැනීම සඳහා යොදාගත්තෙ තමන් කැමති මිනුම් ක්‍රම. මේ නිසාම යොදාගත් මිනුම් උපකරණ  තැනින් තැනට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුනා.

පස්සෙ කාලෙ ලෝකය වෙළදාම සහ තාක්ෂණික ක්‍රම දියුණු වීමත් සමග මුළු ලෝකයකට බලපාන සම්මත මිනුම් ක්‍රමයක අවශ්‍යතාවය ඇතිවෙනවා. මේ අනුව ගණිත විද්‍යාවට අනුව සම්මත මිනුම් ක්‍රම ලෝකයට හඳුන්වා දුන්නා.

කොහොම උනත් සම්මත කිලෝග්‍රෑම් එක වෙනස් කරන්න කාලය ඇවිත් වගේ.

සම්මත බර නියම කිරීම සඳහා විශේෂිත ලෝහවලින් නිෂ්පාදිත ලෝහ කුට්ටියක් සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබෙනවා. නමුත් මෙම ලෝහ කුට්ටියේ යම්කිසි වෙනසක් සිදුව ඇති බව පැවසෙනවා.

දැනට පවතින ආදර්ශ කිලෝග්‍රෑමය මීට වසර 125ට පෙර නිර්මාණය වූවක්. ප්ලැටිනම් සහ ඊරිඩියම් මිශ්‍රිත ලෝහයකින් නිපදවා ඇති මෙම ඝන ලෝහ කුට්ටිය ජාත්‍යන්තර කිරුම් මිණුම් කාර්යාංශය බාරයේ මෙතක් කාලයක් තැන්පත්ව  තිබෙනවා.

කොහොම උනත් සම්මත කිලෝ ග්‍රෑම්යේ විස්තර කළ නොහැකි හේතුවක් නිසා බර වෙනස්ව තිබෙනවා. මේකට හේතුව ලෙස සැක  කෙරෙන්නේ අධික කාලයක් වසා තැබීම නිසා වාතාශ්‍රය නොලැබීම  නිසා මෙහි බර අඩු වී ඇති බවයි.

මේ නිසාම විද්‍යාඥයන් තුල සම්මත කිලෝග්‍රෑමයේ නිවැරදි බාවය පිළිබද සැක මතුව තිබෙනවා.

මේ නිසාම නැවත ඔවුන් කිලෝග්‍රෑමය  නැවත අර්ථ දක්වන්න බලාපොරොත්තු වන බව පැවසෙනවා.

kilogram1

ld add copy

Latest News

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වේ.

Connet With Us