ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, සමාජවාදී පක්ෂය, ලංකා මා ඕවාදී පක්ෂය කොමියුනිස්ට් පක්ෂය, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මක්ස් ලෙනින්වාදී පක්ෂය යන දේශපාලන පක්ෂද තවත් වාමාංශික සංවිධාන ගණනාවක්ද එයට සහභාගී විය.
මෙහිදී ජනතාව ඇමතු නව සම සමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා, එදා පලස්තීන සහයෝගීතා ව්‍යාපාරයේ ශ්‍රී ලංකා කමිටුවේ නායකයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති බලය ලද පසු අද එම ජනතාව පාවා දී ඇති බව අවධාරණය කර සිටියේය.
පහත දැක්වෙන්නේ එම උද්ඝෝෂණයේ ඡායාරූපමය සටහනකි.
පලස්තීනයට එල්ලකරන ප‍්‍රහාර වහා නතර කරන ලෙස බලකරමින් හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ඊශ‍්‍රයාල - පලස්තීන පීඩිතයන්ගේ සමගිය ගොඩනඟන ලෙස ඉල්ලා සිටිමින් වාමාංශික දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන්, හා බහුජන සංවිධාන වල සහභාගීත්වයෙන් යුතු උද්ඝෝෂණයක් ‘‘පලස්තීනයට ජීවත්වීමට ඉඩදෙනු” තේමාව යටතේ, ඊයේ (31) දින සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විනි.
Leave a comment