නාස්තිකාර වියදම් කියන්නේ මොනවාද නොදන්න රාජකුමාරයා Featured

Published in අනං මනං
Wednesday, 14 February 2024 16:48

කාලය මිල මුදල් කියන දේවල් අපිට වටිනවා වුනාට මේ කියන්න යන පුද්ගලයට මේ දේවල් ගැන කිසිම වටිනාකමක් නැහැ.

මෙයා  හැම වැඩක්ම අතෑරලා මාස දෙක තුනක්ම  මදු සමය ගත කරන්න තමන්ගෙ අලුත් බිරිද සානා කුමරිය  සමඟ මාලදිවයිනට ගියා. නිකන් නෙවෙ මාලදිවයිනේ සම්පූර්ණ දූපතක්ම සල්ලිවලට අරගෙන.හැබයි ඒ දූපතට එන සංචාරකයන්ට පවා  පැමිණීම තහනම් කළා.  මේ හැමදෙයක්ම  හනිමුන් එක වෙනුවෙන්. මෙ හනිමූන් එක ලෝකයේ  ප්‍රසිද්ධ වුණා. 

එක දවසක් මෙම පුද්ගලයා පරණ චිත්‍රයක් වෙනුවෙන් ඩොලර් මිලියන 450ක් වියදම් කරා. මේ චිත්‍රය (Leonardo da Vinci) ලියනාඩෝ ඩාවින්චිගෙ සිතුවමක්. මොහුට උවමනා  වුනේ කීයක් දිල හරි මෙම චිත්‍රය මිල දී ගන්න. මෙ සල්ලි වලින්  පුලුවන් මුළු කොළඹම ලන්ඩන් වගේ දියුණු කරන්න. මේ පුද්ගලයා සල්ලි වියදම් කරන්නේ හරියට සල්ලි ගස් වලින්  කඩනවා වගේ. ඒ වගේම  ඔහු මෙම චිත්‍රය Louvre Abu Dhabi හි ප්‍රදර්ශනය කරන්නත්  සැලසුම් කරලා තිබුණා

මේ කියන්නේ වෙන කවුරුත් ගැන නෙවෙයි, ඔහු  නමින් මොහොමඩ් බිං සල්මාන්. මොහු තමයි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා. මෙයා පවුලෙ එකම පිරිමි පුතාවත්, වැඩිමහල්ම පිරිමි දරුවාත් නෙවෙයි. ඉතින් මෙයා කොහොමද ඔටුන්න හිමි කුමාරයා වුණේ කියන එක කාටත් ගැටලුවක්.

මේ රජ පවුල අවුරුදු ගානක ඉඳන් සෞදියේ රජ කරනවා. එ් වගේම මෙ රජ පවුල ලෝකෙ ලොකු ම රජ පවුල වෙනවා. සමාජිකයන්  15, 000ක් පමණ ඉන්නවා. නමුත් මෙම  15,000 අතරින් 2000ක්  විතර පමණයි  සමීපතම ඥාතීන් විදිහට පිලිගන්නේ.

මෙ පවුලෙන් වාසනාවන්තම පුද්ගලයා තමයි මොහොමඩ් බින් සල්මාන්.  මොහු සවුදියේ රජාගෙ අට වෙනි පුත්‍ර රත්නය.  මොහුට වඩා වැඩිමල් සහෝදරයන් හත් දෙනෙක් ඉන්නවා.

මෙයාල කොච්චර පොහොසත්ද කියල කියනවා නම් මෙයාලගෙ මාළිඟාවේ  රත්තරන්  වලින් හදපු කොමඩ් පවා තියනවා.

ඒවගේම මෙයාල පදින වාහන ගැන කියනවනම් ලොකෙ තියෙන සුපිරි ගනයේ වාහන වල එකතුවක් මෙයලෙට තියනවා. එතන තියෙන අඩුම වාහනෙ තමයි ලැම්බොගිනි  වාහනේ. එතන හැම වාහනයක්ම ලැම්බොගිනි වලට වඩා ඉතාමත් මිලෙන් අධිකයි.  ඒ අතර  රන් ආලේපිත  වාහන පවා තියනවා. 

මොහොමඩ් බින් සල්මාන් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ මේ  අතිවිශේෂ මෝටර් රථ සහ පුද්ගලික ජෙට් යානා එකතුව නිසා. සෞදි රජ පවුලේ සාමාජිකයෙකු ලෙස ඔහුට ලොව සුපිරිම වාහන සහ ගුවන් යානා ලබාගැනීමට හැකියාව තිබෙන අතර ඒවා පෙන්වීමට ඔහු බියක් දක්වන්නේ නැහැ.

 ඒ වගේම ලොව මිල අධිකම සහ වේගවත්ම නිෂ්පාදනය කරන මෝටර් රථවලින් එකක් වන Bugatti Chiron ඇතුළු ඉහළ මට්ටමේ මෝටර් රථ කිහිපයක් මේ කුමාරයා සතු බව දන්නා කරුණකි . Bugatti Chiron හි උපරිම වේගය පැයට සැතපුම් 261 ක් වන අතර තත්පර 2.4 කින් පැයට සැතපුම් 0 සිට 60 දක්වා වේගවත් කළ හැකියි.

කොහොම වුණත් මෙම මෝටර් රථය ඩොලර් මිලියන 3 ක් පමණ වැය කර ඇති බවත් ආරංචි මාර්ග වල සදහන් වෙනවා.  මේ Lamborghini Aventador කියන්නේ ආසන දෙකක ක්‍රීඩා මෝටර් රථයක්. එය පැයට සැතපුම් 217 දක්වා වේගයෙන් ළඟා වෙන්න පුලුවන්. මෙම මෝටර් රථය එහි සුවිශේෂී කතුරු දොරවල් ඇතුළුව එහි අද්විතීය සැලසුම සඳහා ප්‍රසිද්ධ වී ඇති අතර එහි මිල ඩොලර් 400,000 ක් පමණ වෙනවා.

සැරයක් මේ සල්මාන් පුදුම වැඩක් කරා. විනෝදගමන් වලට කැමති මොහු ප්‍රංශයට ගියා සංචාරයකට. එ වෙලාවෙ ලස්සන විශාල යොට් එකක් (කුඩා නැවක්) කුමාරයා දැක්කා. මේ  ගැන කුමාරයාට හිත වැටුණා.  කුමාරයා ඒ වෙලාවෙම තමන්ගේ සේවකයන්ට කිව්වේ මේකේ අයිතිකාරයෝ සොයාගන්න කියලා. හොයලා බලද්දි මේ යොට් එක රුසියාවේ මහා පරිමාණ මත්පැන් නිශ්පාදකයකු ට අයිති එකක්. මේ  අයිතිකාරයා අවස්ථාවේ හැටියට මොලේ පාවිච්චි කරලා ඩොලර් මිලියන 500ක් කිව්වා.  කුමාරයා ඒ මොහොතෙම මිලියන පන්සීයක් ගෙවලා යොට් එක තමන්ගේ කරගත්තා.

මේ නවාතැන උපරිම සැපපහසුකම් තියන එකක්. කාමර 15ක්, ස්විමින් පූල් දෙකක්, ජිම් එකක්, සිනමාහලක් තියන සුඛෝපභෝගී එකක්.

ඒ වගේම ඔහු 2015 දී රුසියානු වොඩ්කා ව්‍යාපාරික යූරි ෂෙෆ්ලර්ගෙන් මිලදී ගත් ඩොලර් මිලියන 500 ක සෙරීන් නැවක් ද ඔහු සතු වනවා.

මෙම දේපළවලට අමතරව මොහුට නිව් යෝර්ක් නගරයේ 432 Park Avenue හි පෙන්ට්හවුස් ඇතුළු සුඛෝපභෝගී මහල් නිවාස කිහිපයක් ද තියනවා. මොහු සතු අධික දේපළ වෙළඳාම් කළඹ යුරෝපයට සහ එක්සත් ජනපදයට සීමා වෙන්නෙ නැහැ.

මෙ කුමාරයා ඒ වගේ තව තවත් මාලිගාවක් මිලදී ගත්තා. ඩොලර් මිලියන 300කට. තමන්ගෙ සල්ලි වලින් මෙ මාලිගාව තවත් නවීකරණය කරා.  මෙ මාලිගාවෙ එක කාමරයක වහලය තනිකරම විදුරු වලින් හදපු  මාලු ටැංකියක්. ලෝකෙ වටේම මෙවනි සුපිරි මාලිගා රැසක් මේ කුමාරයා මිලදී ගෙන තියෙනවා.

කොහෙන්ද මෙයාලට මෙච්චර සල්ලි?

මෙ රජ පවුලට අරම්කෝ නමින් සමාගමක්  තියනවා. ලෝකෙ තියන ලොකුම ගෑස් සහ ඉන්දන සමාගම  මේකෙ වාර්ශික ආදායම ඩොරල් ට්‍රිලියන වලින් ගනන් හැදෙන එකක්. තවත් මේ වගේ ආදායම් මාර්ග ගනනාවක්ම තියෙනවා. ඉතිං මෙච්චර සල්ලි හම්බෙද්දි  වියදම් කරන එකත් ඒ විදිහයි. මේක එයාට සාමාන්‍ය දෙයක්.

තවත් මේ කුමාරයා ගැන කියනවා නම් මේ කුමාරයා දුෂණ වංචා වලට අතිශ්‍ය විරුද්ධ කෙනෙක්. ඒ හේතුව නිසා වෙන්න ඇති තමන්ගෙ පවුලෙම විවිධ වැරදි වලට වරදකරුවන් වෙච්ච  දහ පහලොස් දෙනෙක් මේ කුමාරයා මැදිහත් වෙලා සිරගෙට යවලා තියෙනවා.

සමහර මුලාශ්‍රවල තියෙන විදිහට මොහු තමන්ගෙ ආදායමෙන් සියයට හැටක්ම සමාජ සේවා වලට යොදවනවා. ඉතුරු සියයට හතලිහක ප්‍රමාණය තමයි ඔහු ගේ සැපවත් ජීවිතය වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. අද සෞදියේ කාන්තාවන් ලස්සනට අදින්නේ වගේම වාහනයක් පැදගන ඉන්නෙත් මේ සෞදියේ කුමාරයා නිසාලු. සෞදියේ තිබුණු පරණ ආගමික නීති රීති රැසක්ම වෙනස් කරන්න් මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම සෞදියේ මරණ දඩුවම තහනම් ක‌ළෙත් මොහුයි. සමාජයේ යහපත වෙනුවෙන් අදටත් මේ කුමාරයා පෙනී සිටිනවා.
1

images

3333

images 2

34

images 3

 

 

Last modified on Wednesday, 14 February 2024 16:50

worky

worky1

ld add copy

Latest News

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us