නාසා කැලැන්ඩරයට ගිය ලාංකීය පුතු දහම්

Published in අනං මනං
Wednesday, 27 December 2023 15:09

වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ, අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධාන කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයේ ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ දහම් ලෝෂිත ප්‍රේමරත්න සමත්ව ඇත.

චිත්‍ර ඇදීමට උපන් හපන් දහම් ලෝෂිත විවිධ වූ ජාතික සහ ජාත්‍යන්තර තරගවලට සිය නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර, පසුව නාසා ආයතනය මගින් සංවිධාන කරන චිත්‍ර තරගාවලියට ඉදිරිපත් වී ඇත.

ඒ අනුව ”Living & Working in the Space – අභ්‍යාවකාශයේ ජීවත්වීම සහ වැඩ කිරීම” යන තේමාව යටතේ ඉදිරිපත් කළ මෙම චිත්‍රයට ලොව පළමු තැන හිමි වී ඇති බව වාර්තා වේ.

වැඩිදුරටත් සඳහන් වන්නේ , දහම්ගේ මෙම චිත්‍රය නාසා ආයතනයේ 2024 වසර සඳහා වන දින දර්ශනයේ ජුලි මාසය සඳහා ඇතුළත් කර ඇති බවයි.

PIC

 -P.M

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us