ආත්මය විකුණු ප්‍රේමය ...

Published in අනං මනං
Monday, 07 June 2021 18:59

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්
උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා
බලාපොරොත්තු හින පෙන්නුවා
මාත් හරි අසාවෙන් එ හැම එකක්ම
පොදි බැද ගත්තා...

එ හැම හීනෙටම කල් ඉකුත්වීමේ දිනයක් ළග බව දැන ගත්තත්
උඹේ කළු සුදු සමාජයේ තියෙන
සුන්දරම වචනවලින්ම මගේ
හදවත කුලියට අරගත්තා...

හැමදාමත් උදේට අම්මා දෙන කැම එකත්
අරන් පංති යනවා කියලා උඹත් එක්ක මං යන්නේ ඇවිදින්න
එත් අම්මා දිපු බත් එක හැමදාමත් කුණු බක්කියේ...

දවසක් උඹ මට කිවුවා වැලන්ටයින් එකට ඇවිදින්න යමු කියලා
එදා තමයි මගේ ආත්මය උබ උරා බිපු දවස උඹ
මාත් උඹට පුජා කරා හැම දෙයක්ම දොතින්ම...

උඹ කියන වාගේ බඩුවක් හින්දා නම් නෙවෙයි
හදවතින්ම ආදරය කරපු නිසා
අදටත් මගේ ආත්මය උඹ හරි අපුරුවට විකුණනවා
සමාජ වෙබ් අඩවිවල ...

-ලක්මාලි ජාගොඩ

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us