subash

subash

අරගලය පැවති සමයේ දිවයින පුරා හදිසි නිති රෙගුලාසි පැනවීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කල් ලබාදුනි.

ගෑස් මිල ඉහළයාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

Podujana Peramuna MP Mahindananda Aluthgamage said in Parliament that the International Monetary Fund has expressed its strong displeasure with Sri Lanka Customs.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343කින් ඉහළ දැමීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගමන් කරමින් සිටි මෝටර් රථය මතට මුදල් ගෙවීමේ ස්ථානයේ ඇති ගේට්ටුව වැටීම සම්බන්ධයෙන් ප්‍රභූ ආරක්ෂක අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

‘රටක් දියුණු වීම යනු සෑම මිනිසෙක්ම කාර් එකක වැඩට යන එක නොවේ. දුප්පතාටත් ධනවතාටත් ගමන් කළ හැකි ලෙස පොදු ප්‍රවාහනය දියුණුවීම බව’ කොළොම්බියාවේ බොගෝටා නගරයේ හිටපු නගරාධිපති එරිකෝ පෙනරෝසා වරෙක පැවසු ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඇත.

ඩිජිටල් ක්‍රම මඟින් අපචාරවලට ගොදුරු වීමෙන් ළමයින් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රම ඇතුළත් කර මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ක්‍රියාත්මක කළ යුතු බව මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්‍ෂාව පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද කමිටුව නිර්දේශ කර තිබේ.

රැකියා සහ අධ්‍යාපන අවස්ථාවන් සොයා තරුණ ප්‍රජාව විදේශ ගතවීමේ වැඩි ප්‍රවණතාවයක් මෑත කාලයේ දකින්නට ඇත. ගෝලීය අධ්‍යාපන අවස්ථාවන්, ගෝලීය රැකියා වෙළෙඳපල පුළුල් කිරීම ගෝලීය ආර්ථිකය හා බැඳුණු නියතයකි. ගෝලීය ආර්ථික රටාවට සරිලන වෘත්තීය දැනුම හා අධ්‍යාපන සහතික සහිත පිරිස විදේශගත වෙති. මෙය “සියවසේ මහා බුද්ධි ගලනය” ලෙස අර්ථ දක්වන්නට බොහෝ පිරිස් උත්සහ දරති. මෙය බලවත් මිථ්‍යාවකි!

රාජ්‍ය සේවකයින් යනු පුහුණුවක් හා විශේෂඥතා සහිත වෘත්තිකයින්ය. රටේ විමධ්‍යගත අරමුදලෙන් වැටුප් ලබන සේවකයින්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 මඟින් වසර 5 කට දේශීය/විදේශීය නිවාඩු ලබා ගත හැකිය. රටක බුද්ධි ගලනයක් සිදු වන්නේ නම් වෛද්‍යවරුන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවය තුළින් එය සංඛ්‍යාත්මකව ප්‍රදර්ශනය විය යුතුය.

ඉහත චක්‍රලේඛය ප්‍රකාරව, 2023.09.15 දිනට සමස්ත රාජ්‍ය සේවය තුළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ විශේෂ වියදම් ඒකකවල නිලධාරීන් 483,238 කින් 2,709 (0.56%) දෙනෙකු වැටුප් රහිත පස් අවුරුදු විදේශ නිවාඩු ලබා ඇත. එලෙසම පළාත් රාජ්‍ය සේවයේ සමස්ත නිලධාරීන් 398,528 දෙනාගෙන් 1,170 ක් (0.3%) විදේශ නිවාඩු ලබා ඇත. අමාත්‍යාංශ හා පළාත් සභා සේවකයින් 3,879 ක් (0.32%) මේ යටතේ විදේශ ගත වී ඇත. මෙය ලක්ෂ 12 ක පමණ රාජ්‍ය සේවයට බලපෑම් කරන්නක් නොවේ.

ශ්‍රී ලංකාව දැවැන්ත බුද්ධි ගලනයක්, මහා විනාශයක්, අනර්ථයක් පාමුල යැයි කියන්නේ සමස්ත රාජ්‍ය සේවයෙන් 0.32% ක වැටුප් රහිත නිවාඩු ලබා විදේශගත වූ පසුබිමකය. පුදුමයට කරුණ නම්, වසර 5 ක වැටුප් රහිත දේශීය නිවාඩු ලබා මෙරටම වෙනත් වෘත්තීන්ගේ නිරත රාජ්‍ය නිලධාරී සංඛ්‍යාව 1,506 කි. එයින් 79 ක් මාණ්ඩලික නිලධාරීන්ය. ඉතිරි 1,427 විධායක නොවන නිලධාරීන්ය. එයින් අදහස් වන්නේ, විදේශගත වන පිරිසෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් වැටුප් රහිත නිවාඩු ලබා රට තුළම රැදී සිටින බව ය. එනම් රාජ්‍ය නිලධාරීන්ගේ බුද්ධි ගලනය මිථ්‍යාවකි!

දේශීය හා විදේශීය වසර 5 ක නිවාඩු ලබා ගැනීමේ රටාව ප්‍රත්‍ය ලෙස පෙන්වන්නේ වෘත්තීය හැකියාව, විෂය ප්‍රවීණත්වය ඇති පිරිස් රජය ලබාදුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන දෙස් - විදෙස් රැකියා කරමින් තම ආර්ථිකය සවිමත් කර ගන්නා බව ය.

එකම බොරුව සිය දහස් වරක් පවසන විට එය සත්‍යය ලෙස පෙනීයන බව ගොබෙල්ස් න්‍යායයි. වර්තමානයේ රාජ්‍ය සේවයේ වෛද්‍යවරුන් ද, කථිකාචාර්යවරුන් ද, රාජ්‍ය සේවකයින් ද සංක්‍රමණය වීම, බුද්ධි ගලනය කපුටු පිහාටුව කපුටන් හත් දෙනෙකු කළ කතාවකි. දත්ත හා සංඛ්‍යා මගින් නිරුවත් වන මිථ්‍යාවකි.

විශ්වවිද්‍යාල - දත්ත කියන සත්‍යය

මෙරට විශ්වවිද්‍යාල 17 සහ අනෙකුත් ආයතන ද ඇතුළුව විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යටතේ වන ආයතන 22 න් ම, වසර දෙකකට වැඩි කාලයකට නිවාඩු ලබා 2023 වසරේ විදේශගතවී ඇති පිරිස 143 කි. 2022 වසරේ විදේශගතවූ සංඛ්‍යාව 228 කි. 1971 වසරේ මෙරට ඉංජිනේරු උපාධිය ලැබූ සංඛ්‍යාවෙන් 45% ක් එංගලන්තයට සංක්‍රමණයවී ඇත. 1974 දී වෛද්‍ය උපාධි ලැබූ පිරිසෙන් 45% ක් එංගලන්තයට පමණක් සංක්‍රමණයවී ඇත. වර්තමානයේ, රාජ්‍ය සේවයේ වසර 5 ක නිවාඩු ලබා විදේශගතවී ඇත්තේ 0.32% කි. මේ සියල්ලම කිසිදා ආපසු රටට නොපැමිණිය ද, රට බිඳ වැටේ ද? නැත!

2020 සිට 2023 අගෝස්තු 31 දක්වා විශ්වවිද්‍යාලයන් හි සප්ත වාර්ෂික නිවාඩු ලැබූ සංඛ්‍යාව ගැන තත්ත්වය සලකා බලමු. කොළඹ (80), පේරාදෙණිය (41), ජපුර (35), කැලණිය (54), විවෘත (17), රුහුණ (81), රජරට (10), අග්නිදිග (8), දෘෂ්‍ය හා ප්‍රාසාංගික කලා (13) ක් ලෙස නිවාඩු ලබා ලංකාවේ රැදෙන විට, විදේශගතව ඇත්තේ එයට වඩා අඩු සංඛ්‍යාවකි. සප්ත වාර්ෂික නිවාඩුව යටතේ විදේශගත නොවී ලංකාවේ රැදී සිටින කථිකාචාර්යවරුන් අතර මහා බුද්ධිගලනයක් කෙසේ නම් පැවතිය හැකි ද?

සප්ත වාර්ෂික නිවාඩුව යනු වැටුප් සහිත නිවාඩුවකි. නියමිත කාලය තුළ ඕනෑම දිනක නැවත සේවයට වාර්තා කළ හැකි, රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ කිසිඳු අවදානමක් නැති (0% Job Risk) වරප්‍රසාදයකි. 2020 සිට 2023 දක්වා සප්ත වාර්ෂික නිවාඩු ලබා විදේශගතවීම වෙනුවට ලංකාවේම රැදී සිටීමේ වැඩි ප්‍රවණතාවය කොළඹ විශ්වවිද්‍යාලයේ කලා, අධ්‍යාපන (100%), දේශීය වෛද්‍ය (100%), නීති (100%), විද්‍යා පිඨවල ද වෛද්‍ය පීඨයේ ද (විදේශගතවීම වෙනුවට මෙරට රැදීම) එලෙසම පවතී. පේරාදෙණියේ කලා, දන්ත වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ, විද්‍යා පීඨවල ආචාර්යවරු ලංකාවේ පුද්ගලික අංශයට එකතුවීම මිස විදේශගතවීම සීමිතය. කැලණියේ පරිගණක, සමාජ විද්‍යා, වාණිජ්‍ය, විද්‍යා පිඨවල කථිකාචාර්යවරුන් සප්ත වාර්ෂික නිවාඩු ලබා ලංකාවේ රැදෙනවා මිස විදේශ ගතවී නැත. නිවාඩු ලබා විදේශගතවීම නොව බහුතරයක් සිදු කරනුයේ, ලංකාවේ පුද්ගලික අංශයට එකතුවීම හෝ ව්‍යාපාරයක්/වෘත්තියක් සිදු කිරීමය.
2020 – 23 සමයේ වසර දෙකකට වැඩි අධ්‍යයන නිවාඩු ලබා ගැනීමේ ප්‍රවණතාවය සැලකීමේ දී කථිකාචාර්යවරුන් මෙරට රැදීම වෙනුවට, විදේශගතවී ඇත. මෙය අලුත් තත්ත්වයක් නොවේ.

කථිකාචාර්යවරුන් 70-80 දශකයන් හි සමාජවාදී රාජ්‍යයන් ට ද, වර්තමානයේදී චීනය හා ගෝලීය ආර්ථිකය ස්ථාපිත බටහිර රටවල් ද, ඉන්දියාව ද තම පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා තෝරා ගනිති. 2017 - 2020 වර්ෂ තුනක මෙසේ නිවාඩු ලැබූ පිරිසෙන් 87% ක් මෙරටට පැමිණ නැවත සේවයට වාර්තා කර ඇත.
නිදහසින් පසු අඛණ්ඩවම ලංකාවේ උපාධිධාරීන් හොඳ රැකියා, පුහුණුව, යහපත් ජීවන තත්ත්වයක් සහ උසස් වැටුප් සොයා විදේශගත (සංක්‍රමණය) වන්නේය. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 11% ක් එලෙස වීදේශගතව ඇත. ඉංජිනේරු, තාක්ෂණික, පරිගණක, වාණිජ්‍ය හා මුල්‍ය ක්ෂේත්‍රයන් ද එසේමය. අති බහුතරයක් වන කලා උපාධිධාරීන් ට එම අවස්ථාව දුලබය. (2021/2022 අධ්‍යන වර්ෂය වෙනුවෙන් කලා උපාධි පාඨමාලා සඳහා 11,521ක්ද, කලමණාකරන හා වාණිජ උපාධි පාඨමාලා සඳහා 8,001 ක්ද ලෙස සිසුන් බඳවා ගෙන ඇත.

මහා ඝෝෂාවක් නැගූ වෛද්‍යවරුන් විදේශගත වීමේ කතාව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සකලවිධ කලමණාකරන දුබලතාවයන් මත ගොඩනැගී ඇත. ඉදිරි මාස හතර තුළ අවම වශයෙන් වෛද්‍යවරුන් 2,100 ක් රාජ්‍ය සේවයට එකතුවේ. 2023 ඔක්තෝම්බර් මස විදේශ උපාධි ලැබූ 567 ක්, මෙරට වෛද්‍ය පීඨ උපාධි ලැබූ 1,056 ක් හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ලැබූ 450 ක් ද ඒ අතර වෙති. “සියවසේ මහා වෛද්‍ය හිඟය” දත්ත මත පදනම් නොවන මිථ්‍යාව කි.

මෑතක දී දේශීය වෛද්‍යවරුන්ගේ රට හැර යාමේ ප්‍රවණතාවයක් (බුද්ධි ගලනයක්) පවතින බවට ද මාධ්‍ය වාර්තා පළ කර තිබුණි. අද වන විට දේශීය වෛද්‍යවරු (ආයුර්වේද, යුනානි) 1,300 ක් රජයේ රැකියා නොමැතිව සිටී. 2024 පෙබරවාරි 28 දිනවන විට තවත් දේශීය වෛද්‍යවරු 300 ක් පුහුණුව අවසන් කර රජයේ රැකියා නොලැබූ ආයුර්වේද වෛද්‍යවරුන් ගොඩට එකතු වේ. යුරෝපයේ, මැදපෙරදිග හා ඕස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපල ඉල්ලුමක් ඔවුනට තිබේ. වැඩිහිටියන්ගේ සුරක්ෂාව, සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම, රෝග වලක්වා ගැනීම වැනි කේෂ්ත්‍රයන් හි “ගෝලීය රැකියා ඉල්ලුම සැපයීම” සඳහා මේ පිරිසෙන් කොටසක් යොමු වෙමින් ඇත. රට තුළ පුළුල් ඉල්ලුමක් නොමැති පුහුණු වෘත්තිකයින් විදේශ රැකියා ලබා ගැනීම, රටක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයට යහපතක් වේ. ඉන්දියානු, කොරියානු, චීන වෛද්‍යවරුන් ලංකාවට පැමිණ ඔවුන්ගේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම මගින් ලාංකිකයින්ට ප්‍රතිකාර කරති. මෙරට හෙළ වෙදකම (පාරම්පරික සාම්ප්‍රදායික වෙදමහත්වරු) සොයා විදේශිකයින් හය දහසකට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව මෙරටට පැමිණෙයි. විවිධත්වය ගෝලීය ආර්ථිකයේ විචිත්‍රත්වය යි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අතිශයෝක්තියට නංවා ඇති නමුත් 2023.08.23 දිනට මේ වසරේ දී රජයේ සේවයෙන් ඉල්ලා අස්වී ඇති වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 78 කි. සේවය අතහැරයාම් 121 කි. සත්‍ය ලෙසම මොවුන්ගෙන් බහුතරය නම් විදේශගතව ඇත. 14/2022 චක්‍රලේඛය යටතේ වැටුප් රහිත නිවාඩු ලබා මේ වසරේ විදේශගත වූ වෛද්‍ය නිලධාරීන් 100 දෙනාම නැවත මෙරටට නොපැමිණෙන්නේය යන්න හිතළුවකි. එසේ වුව ද, මේ වසරේ වෛද්‍ය සේවයට එක්වීමට අපේක්ෂිත 2,100 සමඟ ගලපා ගැනීමේ දී එය රටට දරාගත නොහැකි පාඩුවක් නොවේ. නමුත්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ රට හැරයාම නිර්මාණාත්මක පිළියම් යෙදිය යුතු ගැටළුවකි. අප විසින් පිළිතුරු සෙවිය යුතු සැබෑ ගැටළුව එයයි.
සෞඛ්‍ය සේවයේ වැඩිම සේවක හිඟය (අනුමත සේවක සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සැලකීමේ දී) පවතින්නේ විකිරණ ශිල්පී, ශ්‍රවණවේදී, ඖෂධවේදී හා හෙද සේවයේ ය. පුහුණුව අවසන් කළ හෙද නිලධාරීන් 3000 ක් සහ ඖෂධවේදීන් දහසක් දැනට රටෙහි සිටී. ඔවුන්ට පත්වීම් ලබාදී මේ සේවක හිඟය වහා විසඳිය යුතුව තිබේ. එවිට රෝගීන්ට සිදුවන පීඩාව අවසන් කළ හැකි වනු ඇත. එසේ නොවේ නම්, මේ පුහුණු ශ්‍රමිකයින් තොග පිටින් විදේශගතව තම ජීවන තත්ත්වය උසස් කර ගැනීමේ අවස්ථා පුළුල් කර ගනු ඇත.

සෞඛ්‍ය උපස්ථායක මට්ටමේ පුහුණුවක් සහිත නිලධාරීන් සැලකිය යුතු පිරිසක් (වැඩිහිටි සුරක්ෂාව සඳහා) නිවාඩු ලබා විදේශගතවීමේ ප්‍රවණතාවය පිළිබඳව අප හඳුනාගෙන හෝ සාකච්ඡාවට බදුන් කර හෝ නැත. සෞඛ්‍ය වෘත්තිකයින් විදේශගත වීමේ සැබෑ ප්‍රවණතාවයන් හා බලවත්ම ගැටළු ඇති වන ක්ෂේත්‍රයන් මේවාය.

කථිකාචාර්යවරුන්ගේ හිඟය ගැන මෑතක කෝප් කමිටුවේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසූවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සකස් කළ ශිෂ්‍ය ගුරු අනුපාතය අනුව මෙරට කථිකාචාර්යවරුන් 12,992 ක් සිටිය යුතු බවත් දැනට සිටින්නේ 6,548 ක් බවත් ය. මෙය විශ්වවිද්‍යාල සඳහා අනුමත සේවක සංඛ්‍යාව නොව “සිටිය යුතු යැයි උපකල්පනය කරන” සංකල්පීය සංඛ්‍යාවකි. මෙරට විශ්වවිද්‍යාලයන් හි 2023 ජනවාරි 1 දිනට අනුමත ස්ථිර සේවක සංඛ්‍යාව 8,393 කි. එයට වැඩිපුර එකම සේවකයෙකු හෝ විශ්වවිද්‍යාලයන්ට බඳවා ගැනීමට විශ්වවිද්‍යාල පාලක මණ්ඩල වලට නීතියෙන් නම් ඉඩක් නැත.

1990 සිට ඉදිරි දශකයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සේවයේ නිරතවී සිටි ආචාර්යවරුන් පහතින් නිරූපනය වේ.

rajith

2021 දී මෙරට විශ්වවිද්‍යාලයන් හි අධ්‍යයන කාර්ය මණ්ඩලය 7,004 ක් විය. 2023.01.01 දිනට එය 8,393 කි. පසුගිය වසර දෙක තුළ පැවති කාර්ය මණ්ඩලයට සාපේක්ෂව වැඩිම අනුමත සේවක සංඛ්‍යාවක් වර්ධනය වී ඇත්තේ විශ්විවිද්‍යාල අධ්‍යයන ක්ෂේත්‍රයේ ය. රජරට, වයඹ (සහ යෝජිත ඌව වෙල්ලස්ස) වෛද්‍ය පිඨ 3 හේතුවෙන් 2021 වසරේ 855 ක් වූ වෛද්‍ය පිඨ කථිකාචාර්ය සංඛ්‍යාව, 2023 දී 1,218 දක්වා වැඩි වී ඇත.

මෙවන් පසුබිමක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පුවත්පත් සාකච්ඡාවක දී පවසා ඇත්තේ, ලංකාවේ වෛද්‍ය පීඨයන් හි ස්ථිර කාර්ය මණ්ඩලය 1600 – 1700 ක් නමුත් සිටින්නේ 800 ක් බව ය. මෙය පට්ටපල් කෙබරයකි. 2023 ජනවාරි 1 දිනට මෙරට වෛද්‍ය පීඨයන්හි ස්ථිර කථිකාචාර්යවරුන් සංඛ්‍යාව 1,218 කි. වෛද්‍ය පීඨයන්ට මේ වන විට බත් බෙදා ඇත. කොස් ද බෙදා ඇත. මෙහෙම රටක් අන්දවන්නට දත්ත විකෘති කළ හැක්කේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටම පමණී. කාබනික පොහොර, කරන්ට් වදින ගිලන් රථ සේවාව, හෙදියන්නට උපාධි දීමට විරුද්ධ වීම, පැරා මෙඩිකල් ෆැකල්ටියට විරුද්ධ වීම, 2021 ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහි වීම, අහවල් එක ගෙදරදීම හදා ගැනීමටත් වඩා ව්‍යාජයක් වෛද්‍ය විද්‍යාලයන්හී මානව සම්පත් හිඟය පිළිබඳ පතුරවන්නට ඔවුහු උත්සහ දරති.

සත්‍ය තත්ත්වය නම්, වෛද්‍ය පීඨයන් හි සප්ත වාර්ෂික නිවාඩු ලබන බහුතරය විදේශගත නොවන අතර, ඔවුහු මෙරටම පුද්ගලික අංශයේ සේවය කිරීමය. කොළඹ වෛද්‍ය පීඨයේ දෙදෙනෙකු විදේශගත වන විට, 25 ක් පුද්ගලික අංශයේ සේවය කරති. පේරාදෙණියේ 6 විදේශගතය. 9 ක් මෙරට වෛද්‍ය සේවයේ ය. කැලණියේ 2 ක් විදේශගත වන විට 7 ක් ලංකාවේ රෝගීන් බලති. රුහුණේ 4 බැගින් සමව දේශීය රැඳී හා විදේශගතව ඇත. යාපනයේ 12 ක් විදේශගත වන විට 22 ක් ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රතිකාර කරති.

ඇත්තටම විදේශගත වන්නේ කවුද?

ද්විතීයක අධ්‍යාපනයක් ලැබූ තරුණ ප්‍රජාව සැලකිය යුතු ප්‍රමාණයක් විදේශ ගත වන බව ඇසට පෙනෙන සත්‍යයකි. ඔවුන් රාජ්‍ය විශ්වවිද්‍යාලයන් හි උපාධි ලැබූවන් ද, නැතිනම් විදේශීය සම්බන්ධතා සහිත පෞද්ගලික ආයතනයන් හි උසස් අධ්‍යාපනය හැදෑරූවන් ද යන්න අප ගැඹුරින් සමීක්ෂණය කළ යුතුය. මෙරට ප්‍රධාන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වන ලයිසියම්, ගේට්වේ, ස්ලිට්, ඇපිට්, එන්.එස්.බී.එම් හා නවලෝක හි අධ්‍යාපනය ලබා විදේශගත වන ප්‍රමාණය 35% ඉක්මවන පාඨමාලාවන් තිබේ. මාලඹේ මුලස්ථානය කර ගත් උසස් අධ්‍යාපන ආයතනයක 2020 - 2022 උපාධි/ඩිප්ලෝමා ලැබූ පිරිසෙන් 66% ක් මේ වන විට විදේශ රැකියා හා උසස් අධ්‍යාපනය සඳහා යොමුවී ඇති බව පාලනාධිකාරිය පවසයි.
ද්වීතියක පාසල් අධ්‍යාපනය හා සරසවි පිවිසුම අතර ඇති කාල පරාසය විසින් සම්පත් හා හැකියාවන් ඇති දරුවන් විකල්ප උසස් අධ්‍යාපන සුදුසුකම් ලබාගැනීමට පෙළඹෙති. ඔවුන් බහුතරය ගෝලීය ආර්ථිකය තුළ ඉල්ලුමක් ඇති විෂයයන් තෝරා ගනිති. රැකියා ස්ථානය ලංකාව ද, ලෝකයේ වෙනත් තැනක් ද යන්න තවදුරටත් තීරණය කරනුයේ රජයේ විශ්වවිද්‍යාල පමණක් නොවේ.

14/2022 චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවයේ වැඩිම පිරිසක් නිවාඩු ලබා විදේශගත වී ඇත්තේ අධ්‍යාපන (378), සෞඛ්‍ය (725), මහජන ආරක්ෂාව (363), රාජ්‍ය පරිපාලන (226), මුදල් (144) ක්ෂේත්‍රයන්හිය. අධ්‍යාපන උපාධිධාරීන් ප්‍රමාණයට වඩා ඩිප්ලෝමාධාරීන් (බහුතරය විද්‍යාපීඨ) ද, සෞඛ්‍ය සේවයේ උපාධිධාරීන්ට වඩා (හෙද, වෛද්‍ය සහාය, උපස්ථායක) ද විදේශගත වේ. වෛද්‍යවරුන් විදේශගතවීම පිළිබඳව අතිශයෝක්තියට නැගු මිථ්‍යාවෙන් සැබෑ සත්‍යය වසා ඇත.

දකුණ (220), මධ්‍යම (218), සබරගමුව (144), වයඹ (149) හා සැලකීමේ දී බස්නාහිර (9) පළාත් සභාවේ නිලධාරීන් විදේශගත වන්නේ නැති තරම් ය. රාජ්‍ය සේවකයින් විදේශගත වීමට ප්‍රධානතම හේතුව සම්පත් බෙදීයාමේ විශමතාවය බව කණගාටුවෙන් හෝ පිළිගත යුතුව ඇත.

1990 සිට 2022 දක්වා කිසිදු අවස්ථාවක රජයේ වෛද්‍ය විද්‍යාලයන් හි අනුමත ස්ථිර කාර්ය මණ්ඩලයෙන් 75% කට වඩා සේවයේ යොදවා නැත. 1990 දී මෙරට වෛද්‍ය පීඨයන් හි අනුමත මහාචාර්යවරුන් සංඛ්‍යාව 59 ක් වුව ද, සේවයේ නිරතවී ඇත්තේ 41 (69%) කි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරුන් (I ශ්‍රේණිය) අනුමත සංඛ්‍යාව 35 ක් නමුත්, සේවයේ නිරතව ඇත්තේ 21 (60%) කි. අනුමත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් (II ශ්‍රේණියේ) 105 දෙනාගෙන් සේවය කළේ 74 ක් (70%) පමණී. කථිකාචාර්යවරුන් 175 දෙනාගෙන් සේවයේ නිරතවී ඇත්තේ 102 (58%) කි. 1990 දී 387 ක අනුමත කාර්ය මණ්ඩලයෙන් සේවයේ නිරතව ඇත්තේ 250 (65%) කි. වෛද්‍ය විද්‍යාලයන් හි පමණක් නොව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළම දශක කිහිපයක් පුරා පවතින්නේ මේ තත්ත්වයේ ය. මේ රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දෙනා මේ සත්‍යය ද, එයට පාදක හේතු කාරණා ද දනිති.

කොළඹ පොත් ප්‍රදර්ශනයේ සිංහල පොත් කුටි ප්‍රමාණයෙන් කුඩාවෙමින් ඇති බවත්, ඉංග්‍රීසි පොත් කුටි ප්‍රමාණයෙන් හා පොත් සංඛ්‍යාවෙන් වේගයෙන් වර්ධනය වන බවත් ඔබත් නිරීක්ෂණය කරන්නට ඇත. මේවායේ පොත් මිලදී ගත්තේ දැන් උසස් අධ්‍යාපනය ලබන, හෙට රැකියා වෙළඳපොලට එකතු වන බහුතරයක් වන තරුණ ප්‍රජාව ය. ඔවුහු තමන්ට සුව පහසු රැකියා අවස්ථා ඇති රටකට සංක්‍රමණය වීම නම් ලංකාව වැනි නිදහස් රටකට කිසි ලෙසකින් හෝ වැළැක්විය නොහැකිය.
ගෝලීය ආර්ථිය විසින් ඉල්ලුමක් සහිත සහ ඉල්ලුමක් රහිත රැකියා ක්ෂේත්‍රයන් නිර්වචනය කරමින් ඇත. ගෝලීය මිනිසෙකුගේ රැකියා ස්ථානය තීරණය වන්නේ ඒ අනුවය. එය වළක්වන්නට ලංකා රාජ්‍යය, කියුබාව හෝ උතුරු කොරියාව පන්නයේ සමාජවාදී රාජ්‍යයක් ද නොවේ!

රජිත් කිර්ති තෙන්නකෝන්
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවර

2023 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 5091 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

2022 වසරේ මුල් මාස 9 තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවූ ශ්‍රි ලාංකිකයින් ගණන 3460 ක් වන අතර, එය මේ වසරේ මුල් මාස නවය හා සැසදීමේදී රැකියා සඳහා පිටත්ව යාම 44% න් වර්ධනය වී ඇති බවද, අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිල සංචාරයක් සඳහා ඊයේ(03) දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර, එම සංචාරය අතරතුරදී ශ්‍රි ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමටද නියමිතය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ. එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන අතර, අද වන විට තරුණ ප්‍රජාව දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වැඩි උනන්දුවක් ඇතිවී තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා එරට බලධාරීන් සමග සාකච්ඡා කරන ලදී. එතෙක් මන්දගාමී ස්වරූපයක් ගෙන තිබූ කොරියානු රැකියා සඳහා පිටත්කිරීම, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීමත් සමග කඩිනම් කෙරුණි.

Connet With Us