subash

subash

අදත් මහා වරුසා

Published in පුවත්
Thursday, 16 October 2025 06:59

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉන්දියාවේ හඳුනාගත් විෂ සහිත කැස්ස සිරප් වර්ග 3ක පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සෞඛ්‍ය උපදේශන අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ එම ඖෂධ ඔවුන්ගේ රටවල තිබේ නම් සෞඛ්‍ය ආයතනවලට වහාම වාර්තා කරන ලෙසයි.

අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස ප්‍රතිලාභී දීමනාව හෙට (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල සිසුන්ට ද රජයේ පාසල්වල හයවැනි ශ්‍රේණියට ඇතුළත් වීමේ අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

රජයේ රෝහල්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, ත්‍රිවිධ හමුදාව ආදී රාජ්‍ය ආයතනයන් සඳහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කර ගැනීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කර ඇත.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුද්ගලික බස්රථ හිමිකරුවෙකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් කොට්ටාව පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකු එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීන්දු කර තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා අධිකරණය තුළදී ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 3,000 ක් දක්වා ඉහළ යාම නිසා ඇතැම් වෙළෙඳසල්වල දෙහි බෑයක් රුපියල් 50 ක් වැනි මිලකට අලෙවි කරන බව වෙළෙඳපොළ තොරතුරු සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

Connet With Us