subash

subash

වර්තමානයේ මෙරට ජනතාවගෙන් සියයට දහයකට (10%) ආසන්න පිරිසකට වකුගඩු රෝගය වැළඳී ඇති බවත් එසේම වැඩිහිටියන්ගෙන් සියයට පහළොවක් (15%) පමණ වකුගඩු රෝගය වැළඳී ඇති අය සිටිය හැකි බවත් මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය අනුපමා ද සිල්වා පැවැසුවාය.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින අශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (25) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉතියෝපියාවේ පිහිටා ඇති හයිලි ගුබ්බි ගිනිකන්ද පළමුවරට සක්‍රිය වී තිබේ.

මිනීමැරුම් චෝදනාවකට වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

පාසල් වෑන් රථ සඳහා සීසීටීවී පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.

පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිත මහඔය ප්‍රදේශයට බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ ජාතික රෝහලේ පමණක් හදවත් සැත්කම් කරගත යුතු හෘද රෝගීන් පන්දහසක් පොරොත්තු ලේඛනයේ සිටින බව තොරතුරු දැන ගැනීමේ පනත මගින් හෙළිකරගෙන ඇත.

Connet With Us