ජාතික රෝහලේ හෘද සැත්කම් සදහා රෝගීන් 5000 ක් පොරොත්තු ලේඛනයේ

Published in පුවත්
Monday, 24 November 2025 07:48

කොළඹ ජාතික රෝහලේ පමණක් හදවත් සැත්කම් කරගත යුතු හෘද රෝගීන් පන්දහසක් පොරොත්තු ලේඛනයේ සිටින බව තොරතුරු දැන ගැනීමේ පනත මගින් හෙළිකරගෙන ඇත.

කොළඹ ජාතික රෝහලේ පොරොත්තු ලේඛනයේ සිටින හදවත් රෝගීන්​ගේ සැත්කම් අවසන් කරන කාල සීමාව වසර හතරක් දක්වා දිගු එකකැයි ද හෙළිවී ඇත.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් තොරතුරු දැන ගැනීමේ පනතට අනුව කොළඹ ජාතික රෝහලෙන් මෙම තොරතුරු ලබාගෙන ඇත. ඒ අනුව ඔහුගෙන් ‘අරුණ’ කළ විමසීමේදී ඔහු කියා සිටියේ මහනුවර, කරාපිටිය, මඩකලපුව, යාපනය, අනුරාධපුර ඇතුළු හෘද සැත්කම් සිදු කරන අනෙකුත් රෝහල්වල සැත්කම් පොරොත්තු ලේඛනයන් සමග හදවත් රෝගීන් දසදහසකට (10,000) අධික පිරිසක් මෙයාකාරයට තම අවස්ථාව ලැබෙන තුරු බලා සිටින බවයි.

රජයේ රෝහල්වලින් මෙම රෝගීන් හදවත් සැත්කම් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින්නේ පෞද්ගලික රෝහල්වලින් සැත්කම් සිදුකර ගැනීමට මුදල් නොමැති නිසා බවද, වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි. පුද්ගලික රෝහලකින් හදවත් සැත්කමක් කර ගැනීමට අවම වශයෙන් රුපියල් ලක්ෂ 20 ක් පමණ වැය වන බවද හෙතෙම කියා සිටී. හදවත් සැත්කම් කඩිනමින් සිදු කළ යුතු රෝගීන්ගේ ජීවිත අවදානමකට වැටී ඇති බැවින් මෙම රෝගීන්ට කඩිනමින් අදාළ සැත්කම් සිදු කිරීමට යම් කිසි වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කළ යුතු බවද චමල් සංජීව පෙන්වා දෙයි. කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ ගේ අත්සනින් යුක්තව මෙම තොරතුරු ලබාදී ඇත. ඒ අනුව හෘද රෝග විශේෂඥ වෛද්‍ය අයි. විජේරත්නට හදවත් රෝගීන් 600 ක් ද, වෛද්‍ය එම්. මුණසිංහ ට රෝගීන් 756 ක්, වෛද්‍ය එම්. එන්. ජසීල්ට රෝගීන් 2400 ක් ද, වෛද්‍ය කේ. ඤානකාන්තන්ට රෝගීන් 400 ක්, වෛද්‍ය ඒ. ඒ. කමලදාසට රෝගීන් 761 බැගින් පොරොත්තු ලේඛණවලට ඇතුළත්ව සිටිති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us