ඉකුත් දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කී ඇය වකුගඩු අකර්මණ්‍ය රෝගීන් සඳහා ඇති හොඳම විසඳුම වකුගඩු බද්ධ කිරීම බවද සඳහන් කළාය.
මෙහිදී අදහස් දැක්වූ ඇය වකුගඩු රෝගය සඳහා විශේෂිත පහසුකම් ඇති කොළඹ මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහල පිළිබඳව ජනතාව තුළ එතරම් දැනුවත්භාවයක් නොමැති අතර ඒ සඳහා විවිධ පාර්ශ්ව විසින් යොමු කරන රෝගීන් පමණක් මේ සම්බන්ධයෙන් දැනුවත් බවද පෙන්වා දුන්නාය.
දියවැඩියාව, අධික රුධිර පීඩනය හා හෘදයාබාධ පාලනය කර නොගැනීම හේතුවෙන් විශාල පිරිසක් මෙම රෝගයට ගොදුරු වන බවත් වස විෂ ආහාරයට ගැනීම, රූපලාවණ්‍ය භාවිතය, මාංශ පේශී වර්ධනය සඳහා භාවිත විටමින් හා ඖෂධ හේතුවෙන් සැලකිය යුතු පිරිසක් මෙම රෝගයට ගොදුරු වන බවත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.
තවද මුත්‍රා රුධිර පරීක්ෂාවක් මගින් රෝගය ඇත්දැයි නිශ්චිතවම දැන ගත හැකි බවද වහාම එවැනි අවස්ථාවක වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ආරම්භ කිරීම ඉතාම සුදුසු බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

