පාසල් වෑන් රථ සඳහා cctv පද්ධති අනිවාර්යය කිරීමට සැරසේ

Published in පුවත්
Monday, 24 November 2025 13:07

පාසල් වෑන් රථ සඳහා සීසීටීවී පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කර සිටියේ ප්‍රවාහනය තුළ කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන හිරිහැර වැඩි වී ඇති බවත් ඉදිරියේ දී එය අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තම රජය කටයුතු කරන බවත් ය.

එමෙන්ම පාසල් ප්‍රවාහන සේවා සඳහා සහ කාර්යාල ප්‍රවාහන සේවා සඳහා මාර්ගෝපදේශ මාලාවක් ජනවාරි මාසයේ සිට හඳුන්වා දීමට ද කටයුතු කරන බව අමත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා,
''මේකට තියෙන එකම උත්තරය තමයි මගීන් ශක්තිමත් කරන එක. කාන්තාවකට හරි දරුවෙක්ට හරි අතවරයක් කරන්න කවුරුහරි උත්සාහ කරනවා නම් ඒක නොදැක්කා වගේ ඉන්නේ නැතුව ඒකට එරෙහිව කටයුතු කරන මිනිස්සු අවශ්‍යයි. ගැහැණු හරි පිරිමි හරි. නමුත් වෙලා තියෙන්නේ අපේ බස් කර්මාන්තයේ තිබෙන සමහර නපුරු තත්වයන් නිසා මිනිස්සු බයයි තව කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඒ නිසා බස් කර්මාන්තය වෘත්තිමය මට්ටමට ගේන එක ත්‍රිරෝද රථ කර්මාන්තය වෘත්තීය මට්ටමට ගේන එක මං හිතනවා ඔරේන්ජ් කලර් එක රෙඩ් පැත්තට යන්නේ නැතිව ග්‍රීන් පැත්තට ගේන්න අපි ගන්න උත්සාහයක් කියලා''

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us