News Items (18842)
2018 වසරට සාපේක්ෂව මෙම වසරේදී රේගු බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මණ්‍ය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සියලු බාධක මේ වනවිට මැඩපවත්වා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි.
දිවයින පුරා පාසල් ඉදිරිපිට ගුරු වෘත්තීය සමිති අද (27) විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබේනවා .
ඩෙංගු ආසාදිතයන්ගේ වාර්තා වීම සියයට 22.8කින් පසුගිය සතිය තුළදී ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන සඳහන් කරයි.
ඖෂධ මිල දී ගැනීම වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ විවිධ සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති හිඟ මුදල් පියවීමට මුදල් වෙන් කිරීම සඳහා වූ යෝජනාවට විශේෂ කැබිනට් අනුමැතියක් ලබා ගැනීම සඳහා ලබන සතියේ ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කොට ඇත.
ආසියාව සිසාරා Made in Sri Lanka සළකුණ පැතිරෙන වග
දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැඟෙනහිර ආසියාව සමඟ සිය වෙළෙඳ ඒකාබද්ධතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටියි.
ගුරු - විදුහල්පති විරෝධතා ගැටුම ගැන අමාත්‍යාංශයෙ කණගාටුව !
ගුරු - විදුහල්පති විරෝධතාවය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
රක්ෂිත අත්පත් කර ගැනීම නවත්වන්න වන වගා ව්‍යාපෘතියක් !
මහවැලි ව්‍යාපාරයට අයත් මහ වැව් ඇළවේලි වාරි මාර්ගවල රක්ෂිත ඉතා ශීඝ්‍රයෙන් අත්පත් කර ගැනීම නවතා රක්ෂිත මායිම් කොට මහවැලි අධිකාරියෙන් ඒවායේ වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබේ.
ජනතාව අපේක්ෂා කරන ක්‍රම වෙනස (Systems Change) ඇති කිරීම සඳහා අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැළපෙන නව නීති හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා ඇත.
පසුගිය දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම අද ආරම්භ විය.
