පෙට්‍රෝ ඩොලර් ගැන දන්නෙ නැත්නම් ඔයා ලෝක දේශපාලනයට තාම ළදරුවෙක්.. හිතලා බලන්න, ඔබ කඩේට ගිහින් පාන් ගෙඩියක් ගන්නවා. ඒකට ගෙවන්නේ ඔබේ අතේ තියෙන මුදල් නෝට්ටුවකින්. හැබැයි ඒ කඩදාසි කොළේට වටිනාකමක් ලැබිලා තියෙන්නේ මීට අවුරුදු 50කට කලින් ලෝකයේ අනිත් කෙළවරේ, අඳුරු කාමරයක් ඇතුළේ සිද්ධ වුණු රහසිගත අතට අත දීමක් නිසා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබුණි.

ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්, අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය විසින් තහවුරු කර තිබේ.

බස්නාහිර පළාතේ අපරාධ මැඩලීමට තොරතුරු ලබාදීම සඳහා මහජනතාවට නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණ දීම සඳහා අද (18) සිට සෑම සතියකම බදදා දිනවල රජයේ සේවකයින්ට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (18) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඇතිවී ඇති බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කළ ඉන්ධන තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරයාට පැමිණ ඇති බව වරයා හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කරනතෙක් හෙට (18) සිට සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස්කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු 27 යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙතෙක් රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකර නොමැති වුවත් ඉදිරියේ දී කප්පාදුවක් සිදුකිරීමට ඉඩකඩක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

Connet With Us