News Items (18842)
මේ වසරේ ගතවූ කාලය තුළ පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 600,000 ඉක්මවයි
2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 600,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හේමසිරි- පූජිත්ට එරෙහි නඩුව කැඳවයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්තියේ සාක්ෂි ලබන 26 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
‘අස්වැසුම’ පළමු අදියරට අදාළ සංගණනයේදී හිතාමතාම අසත්‍ය තොරතුරු සපයා මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ වරදකරු වන අයකු වසරක කාලයක් දක්වා බන්ධනාගාර ගත කිරීමට අධිකරණයට බලය ඇතැයි සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.
රුසියානු තෙල් මිලදීගැනීමට අමෙරිකාව රටවලට පැනවූ වාරණය තාවකාලිකව ඉවත් කරයි
රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් රටවලට පනවා තිබූ වාරණය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.
රුසියානු තෙල් මිලදීගැනීමට අමෙරිකාව රටවලට පැනවූ වාරණය තාවකාලිකව ඉවත් කරයි
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට මහපොළ දීමනාවට අමතරව රු.5000 ක දීමනාවක්
විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභීන්ගේ පවුල්වල සිසුන්ට මහපොළ දීමනාවට අමතරව රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (13) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉරාන නව උත්තරීතර නායකයා මැදපෙරදිග රටවලට අනතුරු අගවයි
ඉරාන නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිය පත් කිරීමෙන් අනතුරුව පළමුවරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
Work From Home අවශ්‍ය නැහැ - ඉහළ යන බඩු මිලට ජනතාව මුහුණ දිය යුතුයි - ඇමති වසන්ත කියයි
පවතින අර්බුදය හමුවේ ලොව සෙසු රටවල් නිවසේ සිට වැඩ කිරීමට යොමු වූව ද දැනට මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව වෙළෙඳ වාණිජ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ආබාධිත පුද්ගලයන් සදහා ප්‍රමුඛතා බස් රථ සේවාවක් ලබන මස සිට
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක් ලබන මස සිට ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලැසුම් කර තිබේ.
මේ වසරේ ගත වු කාලය තුළ මී උණ රෝගීන් 1,800ක පමණ පිරිසක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
