කැලණිය ප්‍රදේශයේ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 2 වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
තමා විසින් මිලදීගත් ලොතරැයිපතක් දිනුම් ඇද තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා අලෙවි කුටියක කාන්තාවකට ලබාදුන් අවස්ථාවේදී එයට දිනුමක්ද නොමැති බවට එම කාන්තාව ප්‍රකාශ කළ බවත්, එම ලොතරැයි පතට රුපියල් පන්කෝටි හැට නව ලක්ෂයක දිනුමක් හිමිව ඇති බවට පසුව දැනගැනීමට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තමන්ට සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙසත් පැමිණිලිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කර ඇත.
අදාළ පැමිණිල්ලට අනුව ලොතරැයිපත වංචා කළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඇය වැල්ලම්පිටිය, කුරුණියාවත්ත, ෂෙල් ගෑස් පාර පදිංචි 43 හැවිරිදි තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරයි.
සැකකාරිය ඊයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

