මේ අනුව ඊයේ දිනයේදී ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 1.5 කින් (එකයි දශම පහ) පමණ ඉහළ ගොස් තිබිණි.
එමෙන්ම WTI බොර තෙල් බැරලයක මිල වූයේ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 99 කි. ඉකුත් මාර්තු මාසය මුලදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල වූයේ එක්සත් ජනපද ඩොලර් 77 කි. මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තවදුරටත් ඉන්ධන මිල ගණන් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පවසති.

