අද බස් -දුම්රිය ධාවනය සීමා සහිතව

Published in පුවත්
Wednesday, 18 March 2026 07:43

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණ දීම සඳහා අද (18) සිට සෑම සතියකම බදදා දිනවල රජයේ සේවකයින්ට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසුවේ මෙම නිවාඩුව පාසැල්, විශ්ව විද්‍යාල සහ අධිකරණ කේෂ්ත්‍රයටද අදාළ බවය.

එමෙන්ම රජයේ අනුමත පාසැල් හා පෞද්ගලික උපකාරක පංති සඳහා ද අද දිනයේ නිවාඩු ලබාදෙන ලෙස රජය ඉල්ලා තිබේ.

කෙසේවෙතත් සෞඛ්‍ය, වරාය, ජලය සහ රේතුව වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවන බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

මේ අතර විශේෂ නිවාඩු දිනය හේතුවෙන් අද දිනයේ දී සෙනසුරාදා දිනයට ධාවනය කෙරෙන දුම්රිය පමණක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 29 ක් හා උකුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 17 හා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 33 ධාවනය කිරිමට නියමිතය.

කැලණිවැලි මාර්ගයේ ගමන් වාර 5 ක්, පුත්තලම මාර්ගයේ ගමන්වාර 9 ක් මඩකලපුව හා ත්‍රිකුණාමල මාර්ගයේ ගමන් වාර 6 ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර දිවයිනපුරාම නියමිත පරිදි බස්රථ ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ අදාළ බස්රථ ධාවනය සඳහා යොදා ඇති කාලසටහන ඇතැම් වේලාවන් සංශෝධනය කිරිමට පියවර ගෙන ඇති බවය.

මඟී ජනතාවගේ අවශ්‍යතාවය පදිරි ඕනෑම අවස්ථාවක බස්රථ ධාවනය කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us