News Items (18842)
අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ.
නවසීලන්තයේ සෞඛ්‍ය පද්ධතිය මේ වනවිට දැඩි පීඩනයකට ලක්ව ඇති බවට වාර්තා වෙයි.
දිනකට තුන් වේලක් ග්‍රෑම් 200ක බත් පිඟාන බැගින් ආහාරයට ගැනීම අගුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් පවසයි.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ 7වන දිනය අද (02) වන අතර ඊයේ (01) දිනයේදී පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේදී මතභේදාත්මක සිද්ධියක් ඇතිවිය.
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ.
මෙරට ජනගහනයෙන් සියයට 67කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ.
ශ්‍රි ලංකාව හොඳින් පාලනය කිරීමට රාජ්‍ය නායකයාට තිබිය යුතු සුදුසුකම් මොනවාද? AI දුන්නු උත්තරය
ශ්‍රි ලංකාව හොඳින් පාලනය කිරීමට රාජ්‍ය නායකයාට තිබිය යුතු සුදුසුකම් මොනවාද? යන්න ගැන කෘතිම බුද්ධියෙන් විමසූ විට ලැබුණු උත්තර පහතින් සඳහන්වේ.
පැරිස් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ඉසව් පැවැත්වෙන දෙවැනි දිනය වන අද (2 වැනිදා) ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වන තරුෂි කරුණාරත්න තරග බිමට පිවිසීමට නියමිතය.
පොහොට්ටුවේ හැමෝටම අතට එන්න පුළුවන් - අමරවීර ගෙන් ඇරයුම්
පොහොට්ටුවේ සියලු දෙනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහගෙදරට පැමිණීමට දොරවල් විවෘත කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවැසීය.
ලොකු පැටී පිටරටදී අත්අඩංගුවට ගැනීම තාම තහවුරු වී නෑ
අතුරුගිරියේදී කැරොකේ වසන්ත ඝාතනය මෙහෙයවූ බව කියන පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන ලන්තුවාහන්දි සංජීව පුෂ්පකුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී බෙලරූස්හිදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව කියන තොරතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් අංශයේ දැඩි අවධානය යොමු කර තිබේ.
