තුන්වේලම බත්ම ද? එහෙනම් මේ ගැනත් සිතන්න

Published in පුවත්
Friday, 02 August 2024 11:33

දිනකට තුන් වේලක් ග්‍රෑම් 200ක බත් පිඟාන බැගින් ආහාරයට ගැනීම අගුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් පවසයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ  ඕනෑම ආහාරයක් ප්‍රමාණය ඉක්මවා වැඩි වශයෙන් ආහාරයට ගැනීම ශරීරයට අහිතකර බවත් එවැනි  ආහාරවේල් ගැනීම දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්ථුලතාව හා බුද්ධි හීනතාව ආදියට හේතු වන බවත් මෙය වහාම අඩු කරගත යුතු බවත් පවසයි. 

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ආහාර ගැනීම පිළිබඳව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ දුර්මත පැතිරී යන බවත්ය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පසුගියදා (ජූලි 31) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මේ බව පැවසීය.

ආහාරවලට ඇතැම් ලෙඩ රෝග සුව කිරීමේ හැකියාවක් ඇති බවට විවිධ මත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුවත් එසේ ලෙඩ රෝග සුවකිරීමට ආහාරවලට කිසිදු හැකියාවක් නොමැති බවද හෙතෙම පැවැසීය.

පෝෂණය, ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය හා ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ආහාරයකින් ගැනීමෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන බවත්, යම් යම් ලෙඩ රෝග සඳහා ඇතැම් ආහාර ගුණ බවට හා ඇතැම් රෝග සුව කිරීමට යම් යම් ආහාර සුදුසු බවට සිදුකරන ප්‍රචාරණයන් අසත්‍ය බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

එවැනි ප්‍රචාරණයන් සිදු කරන්නේ නම් විධිමත් සායනික දත්ත ඉදිරිපත් කළ යුතු බවත්, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ආහාර බලධරයාගේ අවසරය ලබාගත යුතු බවත් ඔහු කීය.

 අනවසරයෙන් ප්‍රචාරණය කිරීම නීති විරෝධී වන බවත්, ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමේ හැකියාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ආහාර බලධාරියාට පවතින බවත් හෙතෙම  වැඩිදුරටත් සඳහන් කළේය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us