මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

හෙට (04) උදෑසන නිදහස් චතුරස්‍රය හා නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 77 වන නිදහස් දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, එළඹෙන අයවැයේ දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම සඳහා රුපියල් බිලියන 90 ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇති බවයි. මෙම වැටුප් වැඩිවීම රාජ්‍ය සේවකයින් ලක්ෂ 13 ක පිරිසකට සහන ලබා දෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යංශය විසින් ආනයනික කන්ටේනර් 323 ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම විමර්ශනය සිදුකරනු ලබන්නේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ සෙනවිරත්නගේ සභාපතිත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් මගිනි.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දිවයින පුරා සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තැබෙන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුණු ලේවායන්හි නිෂ්පාදිත රුපියල්‌ 93,269,919 ක වටිනාකමකින්‌ යුත්‌ මෙට්‍රික්‌ ටොන්‌ 2402 ක පමණ ලුණු තොගයක්‌ වසර ගණනාවක්‌ තිස්සේ තත්වයෙන්‌ බාලවීමට හා දියවී විනාශ වී යාමට ඉඩහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසයි.

Connet With Us