පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 08 වැනිදා

Published in පුවත්
Sunday, 02 February 2025 08:46

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තීරණය කිරීමට සිදුවන්නේ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දුව මත යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පැවැසීය.

අදාළ තීන්දුව අනුව රජය ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන කාලය අනුව මැතිවරණය පැවැත්වෙන දින තීරණය කරන බවද ඔහු කීවේය. පාර්ලිමේන්තුව ලබන පස්වැනිදා රැස්වීමෙන් අනතුරුව මෙම තීන්දුව කථානායකවරයා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද සභාපතිවරයා පැවැසීය.

පළාත් පාලන මැතිවරණය 2023 වසරේ මාර්තු මස 09 වැනිදා පැවැත්විමට නියමිත වූ අතර එවකට රජය ඊට මුදල් ප්‍රතිපාදන වෙන් නොකිරීම හේතුවෙන් මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමිණි. කෙසේ නමුත්, මෙම මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක් ද ලබාදුන්නේය. පසුව දැනට පවතින නාමයෝජනා ප්‍රතික්ෂේප කර අලුතින් නාම යෝජනා කැඳවිය යුතු බවට යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොණු කෙරිණි. ඊට අදාළ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිවරයාට යොමුකර තිබේ.

කෙසේ නමුත්, රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 08 වැනිදා පැවැත්වීමට අවධානය යොමුකර තිබෙන බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us