ලංකා ලුණු සමාගමේ ලුණු මෙට්‍රික්‌ ටොන්‌ 2402 විනාශ වී යාමට ඉඩහැරලා Featured

Published in පුවත්
Monday, 03 February 2025 09:07

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුණු ලේවායන්හි නිෂ්පාදිත රුපියල්‌ 93,269,919 ක වටිනාකමකින්‌ යුත්‌ මෙට්‍රික්‌ ටොන්‌ 2402 ක පමණ ලුණු තොගයක්‌ වසර ගණනාවක්‌ තිස්සේ තත්වයෙන්‌ බාලවීමට හා දියවී විනාශ වී යාමට ඉඩහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

බුන්දල ලේවායේ 2023 දී නිපදවා නිසි කලට ආවරණය කර නොතිබූ රුපියල්‌ 65,425,279 ක්‌ වටිනා ලුණු මෙට්‍රික්‌ ටොන්‌ 1816.19 ක්‌ හානියට පත්ව තිබූ බව විගණනය මගින්‌ පෙන්වාදී තිබේ.

පලටුපාන ලේවායේ රුපියල්‌ 520,640 ක්‌ වටිනා ලුණු මෙට්‍රික්‌ ටොන්‌ 16.27 ක්‌ වසර තුනක්‌ තිස්සේ වේදිකාවක තැන්පත්‌ කර තිබීම නිසා පැහැය වෙනස්‌ වී දියවෙමින්‌ පැවති බවද, 2022 නිපදවූ රුපියල්‌ 27,324,000 වටිනා සුපර්‌ ග්‍රේඩ්‌ වර්ගයේ ලුණු මෙට්‍රික්‌ ටොන්‌ 569.25 ක්‌ ඒවා ආවරණය කර තිබියදී දිරාපත් වූ පොලිතීන්‌ හා පොල්‌ අතු සමග මිශ්‍ර වී දිය වෙමින්‌ හා තත්වයෙන්‌ බාල වී තිබුණු බවද විගණන කාර්යාලය සඳහන්‌ කරයි.

2023 වසරට අදාලව ලුණු සමාගම සම්බන්ධයෙන්‌ නොබෝදා නිකුත්‌ කරන ලද විගණන වාර්තාවේ සමාගමේ මෙහෙයුම්‌ අකාර්යක්ෂමතා යටතේ සඳහන්‌ කර තිබු මෙම විගණන නිරීක්ෂණ සම්බන්ධයෙන්‌ ලුනු සමාගම විසින්‌ විගණනය වෙත අදහස්‌ දැක්වීමක් ද කර නැත.

Last modified on Monday, 03 February 2025 09:07

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us