මැයි මාසයට අදාළ විශ්‍රාම වැටුප්, ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප්, වැඩිහිටි සහ මහජන ආධාර දීමනා ගැනීමට නොහැකි වූ පිරිස් වෙත එකී දීමනා පමණක් ලබාගැනීමට හැකිවන පරිදි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘතව තැබීමට තීරණය කර තිබේනවා.

හුදෙකලා කරන ලද ප්‍රදේශ සහ වෙනත් ප්‍රදේශයන්හි නිවෙස්වල නිරෝධායන වන පවුල් සඳහා ලබා දෙන සහන මල්ල නොලැබෙන්නේ නම් ඒ පිළිබඳ 1965 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් කොරෝනා මෘත දේහ බහාලීම සඳහා කාඩ්බෝඩ් මීනී පෙට්ටි වර්ගයක් හඳුන්වා දී තිබේනවා.

කොවිඩ් ආසාදනයට ලක්වන නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් සඳහා වෙළෙඳ කලාප තුළම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට ආයෝජන මණ්ඩලය පියවර ගෙන තිබේ.

දැඩි සංචරණ සීමා පනවනු ලබන්නේ කොවිඩ් -19 රෝග තත්ත්වය පාලනය කිරීමට වන අතර ඒ සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සහ කාසල් කාන්තා රෝහලේ ආසාදිතව ප්‍රතිකාර ලබන ගැබිණි මව්වරුන් හා දරු ප්‍රසූතිය කළ මව්වරු ගැටළු කිහිපයකට මුහුණදී සිටින බවට තොරතුරු වාර්තා වේ.

බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු මහජන පරීක්ෂකවරුන් අද (25) ක්‍රියාත්මක කිරීමට සිටි වැඩ වර්ජනය අත්හිටවූ බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය මහතා සඳහන් කර තිබේ.

එන්නත්කරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී වාතාවරණය හේතුවෙන් අද (25) උදෑසන සිට බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන රාජකාරී ඇතුළු සියලු කටයුතුවලින් ඉවත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us