වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබාගැනීම පිළිබඳ කිසිදු වරදක් නොමැති බවත් අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණියේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීම පිළිබඳ ඡන්ද විමසීමට තමා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ අද(28) පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මැතිවරණය කල්යාම හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති අපේක්ෂක රාජ්‍ය සේවකයින් මුහුණ දී ඇති ගැටළුව විසඳුමක් ලබා දෙන්නයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කර තිබේ.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විසින් පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට එවා තිබු වහා ඉටුකළ යුතු වෘත්තීය ඉල්ලීම් කිහිපය තුළ ආචාර්යවරුන්ට හිමිවන පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම වෙනුවෙන් අචාර්යවරයකු විදේශගත වන විට ආචාර්ය වරයා සමඟ පවුලේ සාමාජිකයන්ට විදේශගත වීමට හැකි වන සේ රජයේ වියදමින් ගුවන් ටිකට්පත් ලබාදිය යුතුය යන ඉල්ලිමක් ඉදිරිපත්ව තිබේ.

පසුගිය පෙබරවාරී 12 වන දින කොළඹ විහාර මහා දේවි උදයානයේ පැවැති සිරස රූපවාහිනී ප්‍රසංගයකට මුවා වී ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අවට ප්‍රදේශ සහ අධි ආරක්ෂිත ප්‍රදේශ ඩ්‍රොන කැමරාවක් උපයෝගි කරගෙන විඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත සිරස ආයතනය විසින් ඩ්‍රෝන කැමරාවක් පාවිච්චි කිරීම සඳහා නිත්‍යනුකූල අවසරයක් ලබා ගෙන තිබුණේද යන්න ගැන පරික්ෂා කිරීමේදී ව්‍යාජ ලියකියවිලි තනා ඩ්‍රොන කැමරාවක් පාවිච්චි කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට නිවැරදි සැලැස්මක් තිබිය යුතු බව ත් වත්මන් ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා පසුගිය මාස කිහිපය තුළ පැවති ආර්ථික දුෂ්කරතා තරමක් අඩු වී ඇති බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ආර්ථිකය යළි ප්‍රකෘත්මත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිත කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බවත් රජය ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත්වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

රට තුල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් මීට දින කිහිපයකට පෙර අනතුරු හඟවා තිබිණි. කෙසේ නමුත් ඖෂධ හිඟයට හේතු වී ඇත්තේ අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට අවශ්‍ය තරමට ඩොලර් රජය සතු නොවීම මත ඒ වේලාසන ඇණවුම් කිරීමට සමත් නොවීමය. අය වැයෙන් ඊට අදාල මුදල් වෙන්කිරීමක් සිදු කළද එම මුදල් ප්‍රමාණය සපූරාගැනීමට තරම් ආදායම් නොමැතිවීම හා විදේශ සංචිත ප්‍රමාණවත් නොවීමය.

පසුගිය මැයි 09 වනදා අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරි පිට කළහාකාරි ලෙස හැසිරෙමින් වචන සහ නිරූපන බාවිතා කර රජයට විරුද්ධත්ව පළ කිරීම සම්බන්ධයෙන් චෝදනා කර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී, SL Deshaya youtube චැනලයේ හිමිකරු දර්ශන හඳුන්ගොඩ පසුගියදා අත් අඩංගුවට ගනු ලැබිය.. ඒ සම්බන්ධයෙන්  පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බී වාර්ථාව පහත දැක්වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us