වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා සිටියේ වසර 45ක් මහින්ද රාජපක්ෂ දේශපාලන ප්‍රතිවාදියා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහට රාජපක්ෂගේ සැලුන් දොර විවෘත වුවා නම් ඔහුත් සමඟ ජීවිතය පවා පරදුවට තබා යුද ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සරත් ෆොන්සේකාට ඒ සැලුන් දොර හැමදාම විවෘත බව ය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (20) කොටුව සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිලිතුරු ලබා දෙමින් අදහස් දක්වමිනි.