නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (27) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබේ.

ලෝකයේ  ප්‍රමුඛතම තැඹිලි පොල් අපනයනකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වය තහවුරු කිරීමේ අරමුණින් අපනයනකරුවන්  තැඹිලි ගෙඩියක මිල රුපියල් 2000 දක්වා ඉහළ නැංවීමට එකඟ වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මව මියයාමේ දැඩි ශෝකයෙන් පසුවූ ඇගේ පුත්‍රයකුද මව මියගොස් පැය කිහිපයකට පසු හදිසි හෘදයාබාධයකින් මිය යාමේ සිද්ධියක් වාර්තාවේ.

අස්වනු නෙලීම ආරම්භ කර කිරීම හමුවේ, නාඩු හා කැකුළු සහල් මිල ඉදිරි සති දෙක ඇතුළත අඩුවනු ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන සඳහා ඉල්ලුම් කිරීමට ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබාදුන් බව ජනාධිපති කාර්යාලය විසින් පවසයි.

කොළඹ අංක 1 කොට්ඨාෂය (කොටුව) ප්‍රදේශය විචිත්‍රවත් සංචාරක හා ආර්ථික කේන්ද්‍රස්ථානයක් සහ ආදර්ශ තිරසාර නගරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇති බව වාර්ථා වේ.

හිමාලය ආශ්‍රිතව හිම වැටෙන අධික ශීතලේ කිසිදු උඩුකය ආවරණයක් නොමැතිව බවුන් වඩන යෝගීවරයෙකුගේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් තිබේ.

ඒ අනුව බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කොට තිබුණේ AI තාක්ෂණය ඔස්සේ මෙය නිර්මාණය කොට ඇති බවය.

නමුත් ඉන්දීය මාධ්‍ය මේ පිළිබද විමර්ශනයක් කොට වාර්තා කොට ඇත්තේ අදාළ වීඩියෝව සත්‍ය එකක් බවත්, එහි සිටින්නේ හිමාලය ප්‍රදේශයේ වසර 20ක කාලයක් පමණ බවුන් වඩන සත්යේන්ද්‍ර යෝගිතුමා බවත්ය.
හිමාචල් ප්‍රදේශ් හි කුල්ලු හි අධ්‍යාත්මික සංවිධානයක් වන කෞලන්තක් පීත්, මෙම සමාජ මාධ්‍යයේ සැරිසරන විඩියෝවේ ඇති යෝගියා සත්‍යේන්ද්‍ර නාත් ලෙස හඳුනාගෙන එය ව්‍යාජ වීඩියෝවක් නොවන බව ප්‍රකාශ කර තිබේ.

Kaulantak Peeth කියා සිටියේ සත්‍යේන්ද්‍ර නාත් ඔවුන්ගේ සංවිධානය සමඟ දැනට වසර කිහිපයක සිට සම්බන්ධ වී සිටින බවයි. අදාළ වෛරස් වීඩියෝව රූගත කර ඇත්තේ සත්‍යේන්ද්‍ර නාත්ගේ ගෝලයෙකු වන රාහුල් විසිනි,

පෙබරවාරි මාසයේ මුලදී, සත්‍යේන්ද්‍ර නාත් රාහුල් සහ සවර්නිනාත් ඇතුළු ඔහුගේ ගෝලයන් සමඟ මාසයක් කුල්ලු දිස්ත්‍රික්කයේ සෙරාජ් නිම්නය වෙත ගමන් කර ඇති බවත් ඔවුන්ගේ සංචාරය අතරතුර එක් දිනක දරුණු හිම කුණාටුවක් ඇති වූ අතර එය සත්‍යේන්ද්‍ර නාත්ට ඒ ගැන දැනුම් දීමට ගෝලයන් දෙදෙනා පෙලඹ තිබිණ බවත් ඉන්දීය ආරංචිමාර්ග පවසයි එහි වැඩිදුරටත් දන්වා තිබුනේ සත්‍යේන්ද්‍ර නාත් සමඟ කතා කිරීමට ගිය විට, ඔහු හිමෙන් වැසී ගිය කඳුකරයේ ගැඹුරු භාවනාවක සිටිනු දැකීම නිසා ඔහුගේ වීඩියෝ පටිගත කිරීමට තීරණය කර ඇති බවයි.

- රංජනා සෙව්වන්දි 

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us