එළෙඹෙන වෙසක් පොසොන් සමය වෙනුවෙන් සංවිධානය කෙරෙන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.
අධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන විමර්ශනයට විශේෂඥ කමිටුවක්
කඩවත - මීරිගම අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනාවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
අපි භාරගත්තේ දේශපාලන අභියෝගයක් නොවේ රට වැටුණු තැනින් එසවීමේ අභියෝගයයි
රටේ ආර්ථික අභියෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් භාර ගත්තේ දේශපාලන අභියෝගයක් හැටියට නොවන බවත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව භාර ගත්තේ රට වැටුණු තැනින් ඉහළට එසවීමේ අභියෝගය වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ එම අමාත්‍යාංශයේ ‘ජයගමු ශ්‍රී ලංකා’ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ප්‍රකාශ කළා.
ඉතුරුම් පොලී අනුපාතය ගැන විශ්ලේෂණයක් කරන්න ජනපතිගෙන් උපදෙස්
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
පළාත් කිහිපයකට වැසි වැටෙද්දී තවත් පළාත් කිහිපයක උණුසුම දැඩිවේ
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහ බැංකු අධිපති සහ අමෙරිකානු තානාපතිය අතර හමුවක් - අමෙරිකාවෙන් පොරොන්දුවකුත්
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් අතර හමුවක් සිදුව තිබේ.
ලබන 26 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
වසර 1900ක් පැරණි ඉතිහාසයකට නෑකම් කියන විහාර සංකීර්ණයක් හමුවෙයි
වසර 1900 ක ඉතිහාසයකට නෑකම් කියන පබ්බතාරාම සංකල්පයට අනුව සැකසූ පැරණි විහාර සංකීර්ණයක් හා වර්ග අඩි 400 – 500 පමණ විශාලත්වයකින් යුතු චෛත්‍යයක නටබුන් නාඋල - බඹරගහවත්තෙන් හමුවී ඇත.