පොලිසියේ පුටු මාරුවක්

Published in පුවත්
Friday, 11 October 2024 14:01

නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ.ඒ.ආර්. ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාවේ සිට බස්නාහිර පළාත (උතුරු දිසාව) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා ස්ථාන මාරුකර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර ඇත.

ඒ මහතා ඊට පෙර පොලිස් මූලස්ථානයට අනුයුක්තව මුදල් විශුද්ධිකරණ හා සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මුල්‍ය බුද්ධි ඒකකය 02 සහ පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම සහ අතත්‍ය මුදල් පිළිබඳව විමර්ශනය කිරීම පිණිස මහ බැංකුවේ ස්ථාපිත කර ඇති විශේෂ විමර්ශන ඒකකයන්හි රාජකාරි අධීක්ෂණ තනතුරේ කටයුතු කළේය. 

ඊට අමතරව පහත සඳහන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක ස්ථාන මාරු කිරීමද මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇත.

 නියෝජ්‍ය පොලිස්පති ඩී.පී. චන්ද්‍රසිරි මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ප්‍රවර්ථන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුකර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති (රාජකාරී ඉටුකරන) ඊ.එම්.ජී.ජේ. සේරම් මහතා ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සිට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර ඇත.

කාන්තා නියෝජ්‍ය පොලිස්පති (රාජකාරී ඉටුකරන) බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය පොලිස් මුලස්ථානයේ (බඳවාගැනීම් හා පුහුණු දිසාව) සිට ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us