මෙරට තුළ මේ වන විට පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) අදහස් දැක්වීමක් සිදු කළේය.

 තරුණ තරුණියන් වෙනුවෙන් රටේ හොඳ අනාගතයක් නිර්මාණය කරන්න නම් සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගොඩවිය යුතුව තිබෙන බවත් එසේ නොවේ නම් තවදුරටත් බොරුවෙන් සන්නද්ධ තරුණ තරුණියන් පිරිසක් බිහිවෙනවා විනා රටට සුබදායී තරුණ තරුණියන් පිරිසක් බිහි නොවන බවත් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

නානුඔය සිට නුවරඑළිය දක්වා පරිසර පද්ධතියට හානි කරමින් නුවරඑළිය කිකිළියාමාන රක්ෂිතය හරහා මීට පෙර ඉදිකිරීමට සැලසුම් කළ කේබල් කාර් ව්‍යාපෘතිය වර්තමාන රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු ඇති නඩුව ඔක්තෝබර් 01 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පවතින බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගයි.

ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38ක් සදහා ත්‍රිපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ අනුතුන්දහස්,නමසියපහක (493,905) අවශ්‍යතාවයක් පැවතියද ඉකුත් වර්ෂය තුල (2024) බෙදාහැර ඇත්තේ ත්‍රිපෝෂ මාස්ටර් බෑග් දෙලක්ෂ හැත්තෑහතර දහස් එකසියඅනුඅටක් (274,198) බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වේ.

ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us