මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොල මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබේ. ඒ එතුමිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය
අනුරගේ විවාද අභියෝගය රනිල් පිළිගනී..! IMF එකත් කැඳවයි. සජිත්ටත් එන්න පුළුවන්
සජීවී විවාදයක් සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක මහතා කළ ආරාධනාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන තමන් ඉදිරිපත් කළ පැනයට කලින් පිළිතුරු ලබාදෙන ලෙසයි.
ගෙවී ගිය අසීරුම කාලයේ පැවති ආර්ථික අභියෝගය හමුවේ ජනතාවට අවශ්‍ය ආහාර,ඖෂධ, ඉන්ධන සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලමින් ඔවුන් ජීවත් කරවීමේ වගකීම ඉටු කිරීම නිසා අද බහුතර ජනතාවගේ උපහාරය තමා වෙත හිමිව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
IMF කොන්දෙසි කඩ කිරීමෙන් වෙන දේ ගැන රනිල් කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දෙසි කඩ කිරීමෙන් යළිත් වරක් රටතුළ උද්දමනය ඉහළ යාම බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අදත් ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් බලපෑම් - ධීවර ප්‍රජාවටත් දැනුම්දීමක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

