බදු වැඩි කිරීම නිසා ලොකු ළුණු කිලෝව අද සිට රුපියල් 600 ට Featured

Published in පුවත්
Thursday, 21 November 2024 08:49

දේශීය හා විදේශීය ලොකු ලූනු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරයි.

දේශීය ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 400 ක් දක්වාද, ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල 370ක් දක්වාද ඉහළ ගොස් තිබේ.

තොග මිල ඉහළ යාම නිසා ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ක් දක්වා වැඩිවී ඇත.

පසුගියදා නව රජය විසින් අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබුණි.

එසේම ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල්වල ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වා රුපියල් 10 කින්ද, රුපියල් 10ක්ව පැවති ආනයනික බීලූනු බද්ද රුපියල් 30 දක්වා රුපිය්ල 20 කින්ද ඉහළ නැංවීමටද රජය පියවර ගෙන ඇත.

-.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us