රනිල් දැනගෙන හිටියේ නැහැ රවි කරපු දේ - එක්සත් ජාතික පක්ෂය  

Published in පුවත්
Thursday, 21 November 2024 15:33

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් සදහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අ‌බේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මාධ්‍ය නිවේදනයයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් සදහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍යයයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යවන බවට කිසිදු පූර්ව දැනුම්දීමක් රනිල් වික්‍රමසිංහ මහතාට කර නොතිබිණි. එසේම මහ මැතිවරණයෙන් ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයෙකුට දීමට එකඟතාවට පැමිණ තිබූ බවට කෙරෙන ප්‍රකාශය ද පදනම් විරහිතය.

මහ මැතිවරණයෙන් පසුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා හිටපු විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් නොවැම්බර් මස 16 වැනි දින පැවැත්විණි.

ඉහත සාකච්ඡාවේදී තීරණය කෙරුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සම්බන්ධයෙන් අවසන් තීරණය එළැඹෙන අඟහරුවාදා (19) දින පැවැත්වෙන සාකච්ඡාවේදී ගත හැකි වන බවය. ඒ සාකච්ඡාව සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අතර ඇතිකරගෙන තිබෙන අංග සම්පූර්ණ ගිවිසුමද ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙනු ලැබිණ.

මේ අතරවාරයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය නොවැම්බර් 18 වැනි දින VIII වැනි විධායක ජනාධිපතිතුමන් මුණ ගැසුන අවස්ථාවේදී රවී කරුණානායක මහතා පත් කිරීමේ අවශ්‍යතාවය ප්‍රකාශ කරනු ලැබුවාය. එක්සත් ජාතික පාක්ෂිකයෙකු වන රවී කරුණානායක මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට නොහැකි බව ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරයට පැමිණෙමින් රවී කරුණානායක මහතා ජාතික ලැයිස්තුවෙන් පත් නොකිරීමට ඒ අවස්ථාවේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය එකඟත්වය පල කල බවද සිහිපත් කල යුතුය.

එහෙත් අඟහරුවාදා දින පක්ෂ නායකයින් රැස්වීමට ප්‍රථම (18 වැනිදා) රවී කරුණානායක මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය පියවර ගෙන තිබිණ.

මේ පසුබිම යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධයෙන් අර්බුධකාරී තත්ත්වයක් උද්ගත විණි. අඟහරුවාදා පැවති රැස්වීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම අංගසම්පූර්ණව ඉදිරිපත් නොකෙරුණු අතර එහි පිටු කිහිපයක් අඩු බව පැහැදිලිවම නිරීක්ෂණය විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග ඇති කරගෙන ඇති එකඟතාවය අනුව 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කිරීමට එම පෙරමුණට කිසිදු අවස්ථාවක් උදා වී නොතිබිණ. මේ කරුණ හමුවේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ක්‍රියාකර ඇත්තේ එකඟතාවයට සම්පූර්ණයෙන්ම පටහැනිවය. එය විශාල වරදකි. අත්තනෝමතික ක්‍රියාවක්ද වන්නේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය ක්‍රියාකර ඇත්තේ අවබෝධතා ගිවිසුමට පරිබාහිරව සහ ඊට හානි වන ආකාරයටය.

නොවැම්බර් මස 18 වැනි දින ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු පූර්ව එකඟත්වයක් ඇති කරගෙන නොතිබිණි. ඒ සම්බන්ධයෙන් තීරණය ගත යුතුව තිබුනේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ නායකයින්ගේ හමුව කැඳවා තිබූ ඊට පසු දිනය. එනම් නොවැම්බර් 19 වැනිදාය. ඒ පක්ෂ නායකයින්ගේ රැස්වීමට පෙර තම නම මැතිවරණ කොමිසම වෙත යැවීමට රවී කරුණානායක මහතා උපදෙස් දී තිබිණ.
රවී කරුණානායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සදහා පත් කිරීම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග ඇතිකරගෙන තිබෙන එකඟතාවයට සම්පූර්ණයෙන්ම පටහැනිය. ගිවිසුම සහමුලින්ම උල්ලංඝණය කිරීමකි. ඊට අදාලව ගන්නා පියවර එක්සත් ජාතික පාක්ෂිකයෙකු වන රවි කරුණානායක මහතාට විරුද්ධවද ක්‍රියාත්මක වේ. මේ වන විටත් පත් කරගෙන තිබෙන සිව් පුද්ගල කමිටුවේ වාර්තාව ලැබුණු පසුව එහි නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සදහන් කරමි.

වජිර අබේවර්ධන
සභාපති
එක්සත් ජාතික පක්ෂය

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us