ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පුර්ණයෙන්ම Featured

Published in පුවත්
Thursday, 21 November 2024 15:16

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර එහිදි ජනාධිපතිවරයා නව රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය.

එය පහතින්,

"ගරු කතානායක තුමනි, අගමැතිතුමියනි, විපක්ෂ නායකතුමනි, ගරු මන්ත්‍රී තුමනි.

විශේෂයෙන්ම අද දිනය අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාම සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අපේ රටේ දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් අතර හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී එම දේශපාලන බලය අලුත් කඳවුරක් එනම් අප වෙත එම දේශපාලන බලය ලැබුණා.

මෙය ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී දවසක්

ඒ ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාමත් විශේෂ අවස්ථාවක්. ඒ ජනවරම විශාල කරුණු ගණනාවකින් සමන්විත වී තිබෙනවා. අපේ රටේ ගොඩනැගුණු මේ ඡන්ද ක්‍රමය යටතේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් එම ජනවරම විසින් ලබා දී තිබෙනවා. එය ප්‍රමාණාත්මක අගයක්. නමුත් ඒ ප්‍රමාණාත්මක අගය ඉක්මවා යන ගුණයක් මෙම ජනවරම තුළ තිබෙනවා. ඒ තමයි දීර්ඝ කාලයකට පසුව ලංකාවේ දේශාපාලන පරිවර්ථනයක් නව ආණ්ඩුව ගොඩනගා ගැනීම වෙනුවෙන් උතුර ද දකුණ ද නැගෙනහිර ද බටහිර ද ආදී සියලු පළාත් සියලු ජන කණ්ඩායම් මෙම ජනවරමට දායක වී තිබෙනවා.

මා හිතනවා දීර්ඝ කාලයක් අපේ රටේ දේශාපලන ව්‍යුහය දේශපාලන බල කඳවුරු ගොඩනැගී තිබුණේ සමහරවිට පළාත් ලෙස දේශපාලන කඳවුරු, බළ කඳවුරු ගොඩනැගිලා තිබුණා. සමහර අවස්ථාවල ජාතිකත්වය අනුව අදහන ආගම් අනුව දේශපාලන බල කඳවුරු ගොඩනැගිලා තිබුණා. එවැනි දේශපාලන බළ කඳවුරුවල අවසන් ප්‍රතිඵලය වන්නේ ජනතාව එකිනෙකා අතරින් දුරස් වීම. ජනතාව එකිනෙකා අතර සැකය, අවිශ්වාසය වර්ධනය වීම. ජාතිවාදි යම් දේශපාලන කඳවුරක යම් න්‍යාය පත්‍රයක් බවට පත්වෙනවා නම් ඒකේ අනිවාර්ය ප්‍රතිඵලය තමයි ඒකට එරෙහිව නැවත අනෙක් පාර්ශ්වයෙන් ජාතිවාදය පෝෂණය වීම. ජාතිවාදය එකතැනක පවතින්නේ නෑ. එක් ජාතිවාදයක් විසින් එක් ජාතියක් පෝෂණය කරනවා, වර්ධනය කරනවා. එය දිගු ඉතිහාසයක් අපේ රටේ දේශපාලනයේත්, සමාජයෙත් අපි අත්විඳලා තියෙනවා. නමුත් සියලු ජන කණ්ඩායම් සියලු පළාත්වල වෙසෙන ජනතාව අප කෙරෙහි විශ්වාසය තබලා අප වෙත බලය ලබා දී තිබෙනවා. ඒ විශ්වාසය තැබූ ජනතාවට පළමු කොට අපේ ස්තූතිය පළ කරන්න කැමතියි. ඒ වගේම අප කෙරේ විශ්වාසය නොතැබුවත් වෙනත් දේශපාලන ව්‍යාපාර කෙරෙහි විශ්වාසය තබා තිබෙන ජන කණ්ඩායම් තිබෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය.

අපේ රජයේ ඒ ජනතාවන්ගේ වුවමනාවන් ඉටු කිරීමට බැඳි සිටිනවා

ප්‍රජාතන්ත්‍රවාදය යනු තනි මතයක් වටා සියලු ජනතාව ඒකරාශි කිරීම නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ගති ලක්ෂණයේ විවිධ දේශපාලන කඳවුරුවල පැවැත්ම, විවිධ ආර්ථිකමය දේශපාලන ප්‍රතිපත්තිමත දේශපාලන කඳවුරු මත පැවැත්ම. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් ලෙස තනි පක්ෂ පාලනයක් කිසිසේත්ම අපේක්ෂා කරන්නේ නෑ. අපි අපේක්ෂා කරන්නේ බහු පක්ෂ දේශපාලන ප්‍රතිපත්ති ලෙස අපි පිළිගනු ලබනවා. අපිට ඡන්දය නොදුන් විශාල ජනතාවක් ඉන්න බව අපි දන්නවා. ඒ නිසා අපේ ආණ්ඩුවේ වගකීම තමයි අපිට ඡන්දය දුන් නොදුන් ඒ සෑම ජන කණ්ඩායමක්ම මේ රටේ පුරවැසියන්. ඒ පුරවැසියන්ගේ වුවමනාවන්, ඒ පුරවැසියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම අපේ වගකීමක්. ඒ නිසා මා සහ අපේ රජයේ ඒ ජනතාවන්ගේ වුවමනාවන් ඉටු කිරීම සඳහා බැඳි සිටිනවා, වගවෙනවා.

දැන් අපට තිබෙන්නේ ජනතාව වෙනුවෙන් අපේ පංගුව ඉටු කිරීමටයි

ජනතාව සහ අපි අතර මැතිවරණයේදී බැඳිමක් ඇතිවෙනවා ඒ බැඳිම තමයි අපි විසින් ඔවුන්ට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ අපේ අදහස් හරහා අපේ අනාගතය කෙසේ විය යුතුද යන්න කරුණු ඉදිරිපත් කරනවා. ඒ කෙරේ විශ්වාසය තබන ජනතව අපිට ඡන්දය ලබාදෙනවා. දැන් ජනතාවගේ බැඳිමේ ඔවුන්ගේ පංගුව ඉටු කර හමාරයි. දැන් ඔවුන් අප වෙත බලය ලබා දී තිබෙනවා. දැන් අපට තිබෙන්නේ ජනතාව වෙනුවෙන් අපේ පංගුව ඉටු කිරීම. ඒ නිසා මාත් අපේ රජයත් ඒ ජනතාව අතර තියෙන බැඳිම කිසි සේත් උල්ලංඝනය වෙන්න ඉඩ නොදී මේ පාලනය පවත්වාගෙන යන්න බැඳි සිටිනවා ඒ පිළිබඳව වග වෙනවා.

ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරයේදි මේ ගොඩනැගුණු අපි පළාත් හැටියට දුරින් හිටියාට සංස්කෘතික හැටියට දුරින් හිටියාට, භාෂා හැටියට අපි වෙනත් භාෂාවන් කතා කළාට, ආගම් හැටියට අපි වෙනත් ආගම් ඇදහුවාට අපි එක අරමුණකට ගොඩනැගුණු බව එක අරමුණක් වෙනුවෙන් පෙළගැසුණු බව මේ මැතිවරණයේදි පෙන්නුම් කර තිබෙනවා ඒ නිසා අපේ රටේ දීර්ඝ කාලයක් ප්‍රාර්ථනයක් බවට පත්වුණු ජාතික සමගිය ගොඩනැගීමේ ඉතාමත් ප්‍රබල අවස්ථාවක් දැන් නිර්මාණය වී තිබෙනවා.

දේශාපාලන බලය වෙනුවෙන් ජාතිවාදී ආගම්වාදී සටන් පාඨ ගොඩනැගීමට ඉඩක් නෑ

අපට දේශපාලන විවිධ මත දරන්න පුළුවන්. හැබැයි මම ඔබට එකක් වගකීමෙන් කියනවා. යලි අපේ රටේ ජාතිවාදී දේශපාලයට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම කවර පන්නයේ හෝ ආගමික අන්තවාදයක් හිස ඔසවන්න දෙන්නේ නෑ. අපි ඇති තරමට ජාතිවාදී ගැටුම් වලින් පීඩාවට පත්වූ ජනතාවක් මේ මහ පොලව ඇති තරම් ලේ වලින් තෙත්වෙලා තියෙනවා. ගංගා පිරෙන්න කඳුළු ගලලා තියෙනවා. එකිනෙකා අතර සැකය අවිශ්වාසය ක්‍රෝධය ඇති තරම් වර්ධනය වෙලා තියෙනවා. අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ වගකීම තමයි අපේ අනාගත දරු පරම්පරාවට එවැනි රාජයක් නිර්මාණය නොකිරීමේ වගකීම අප සතුව තිබෙනවා. දේශපාලනය සඳහා අපිට ඕනෑතරම් සටන් පාඨ තියෙන්නට පුළුවන්. ආර්ථිකමය සටන් පාඨ, ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨ ඕනෑ තරම් තියෙන්න පුළුවන් හැබැයි කිසිවෙක් අපේ රටේ දේශාපාලන බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් ජාතිවාදි ආගම්වාදී සටන් පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බව මම ඔබට සහතික වෙනවා.

මේ ජනවරම තුළ ප්‍රධාන වශයෙන් තිබෙන මේ පාර්ලිමේන්තුවේ ගෞරවය සහ උත්තරීතර බව ආරක්ෂා කිරීමයි

ඒ වගේම මේ ජනවරමේ ප්‍රධාන අපේක්ෂාවක් තිබුණා. ඒ අපේක්ෂාව තමයි අපේ රටේ දීර්ඝ කාලයක් ගොඩනැගෙමින් තිබුණ අයහපත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම උවමනාව තිබුණා. මා මේ පාර්ලිමේන්තුව නියෝජනය කළේ 2000 වසරේ මා මේ පාර්ලිමේන්තුව අවුරුදු 24ක් අඛණ්ඩව නියෝජනය කොට තිබෙනවා. හැබැයි ඒ අවුරුදු 24 තුළ ප්‍රායෝගිකව මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා මේ පාර්ලිමේන්තුව පිරිහීමට භාජය වූ ආකාරය. මේ පාර්ලිමේන්තුව කෙරේ විශ්වාසය බිඳ වැටුණු අවස්ථාව. ඒවා අපි ප්‍රායෝගිකව අත්විඳලා තියෙනවා. එය මේ පාර්ලිමේන්තුව තුළත්, පාර්ලිමේන්තුවෙන් පිටත පොදු ජනතාව තුළත් මේ පාර්ලිමේන්තුව කෙරෙහි තිබුණ ගෞරවය ක්‍රමාණුකූලව කඩාවැටුණු හැටි. එය උත්තරීතර ගරු කළ යුතු තැනක සිට ජනතාවට සතුරු, ජනතාව පළවා හරිය යුතු, ජනතාවගේ වෛරයට, ක්‍රෝධයට, වෛරයට, අවඥාවට පත් වී තිබෙනවා. මම හිතන්නේ නෑ එහෙම පාර්ලිමේන්තුවක් අපේ රට පාලනය කිරීමට සුදුසුයි කියලා.

එහෙම පාර්ලිමේන්තුවක් අපේ රටේ ජනතාවට නායකත්වය දීමට සුදුසු නෑ, එහෙම පාර්ලිමේන්තුවක් තවදුරටත් අපේ රටේ මහජනතාවගේ මූල්‍ය බලය හැසිරීමට සුදුසු නෑ. එහෙම පාර්ලිමේන්තුවක් ජනතාවක් වෙනුවෙන් නීති සම්පාදනය කිරීමට සුදුසු නෑ. එහෙනම් මොකක්ද කළ යුත්තේ ජනතාවගේ මූල්‍ය බලයේ ප්‍රධාන හැරවුම තිබෙන ප්‍රධාන මෙහෙයුම තිබෙන පාර්ලිමේන්තුව, ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කිරීමේ ප්‍රධාන අයිතිය තිබෙන පාර්ලිමේන්තුව තවදුරටත් ජනතාවගෙන් ඈත් වුණු, ජනතාවගෙන් විතැන් වුණු පාර්ලිමේන්තුවක් පත්වීමට කිසි සේත්ම ඉඩ දිය යුතු නෑ. ඒ නිසා මේ ජනවරම තුළ ප්‍රධාන වශයෙන් තිබෙන මේ පාර්ලිමේන්තුවේ ගෞරවය සහ පාර්ලිමේන්තු උත්තරීතර බව ආරක්ෂා කිරීම.

මම හිතනවා මේ පාර්ලිමේන්තුව අද සමන්විත වෙන්නේ අලුත් මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයකින්. ඒ නිසා යහපත් පුරුදු වේගෙන් පුරුදු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් මේක. මම හිතනවා. වර්තමාන කථානායකතුමා, විශේෂම කාර්ය මණ්ඩලය තේරි පත්ව තිබෙන ඔබතුමන්ලා සියලුම දෙනා යළි මේ පාර්ලිමේන්තුව අලුත් ගුණයකින් ප්‍රතිෂ්ථාපනය කිරීමට සහාය ලබා දෙයි කියලා. එසේ සහාය ලබා නෙදෙන්නේ නම් තවදුරටත් මේ පාර්ලිමේන්තුව ජනතාවට සැඟවුණු ගුහාවක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ ඇති අතරමට නූතනයේ තාක්ෂණ මාධ්‍යෙය් ඇති වී තිබෙන දියුණුව අනුව දිනපතා සිදුවන හැම සිදුවන හැම සිදුවීමක්ම මහජනයාට විවෘතයි. තවදුරටත් පාර්ලිමේන්තුව මහජනයාට සැඟවුණු මධ්‍යස්ථානයක් බවට පාර්ලිමේන්තුව පත්වන්නේ නෑ.

අපි හැමදෙනාම මහජනයාගේ නියෝජිතයෝ

අපි තව තවත් උත්සාහ කරමින් තිබෙන්නේ මේ පාර්ලිමේන්තුව මහජනයාට උත්සාහ කරමින් තබන්න. අපි හැමදෙනාම මහජනයාගේ නියෝජිතයෝ නම් අපි නිරන්තරයෙන් අපේ කතා කරන දේ, අපි හැසිරෙන විදිහ, අපි අදහස් දැක්වීම මේ සියල්ල මහජනයා ඉදිරියේ පරීක්ෂාවට භාජනය වෙනවායි කියන ස්ථාවරයේ අපි සිටිය යුතුයි. අපි කවරුන් හෝ කෙනෙක් සිතනවා නම් අපිට බලය ලබා දුන්නාට පසු එය අවසානය කියලා එය අවසානය නොවෙයි. ඔවුන්ට ඊළඟ බලහුවමාරුව තෙක්, ඊළඟ ජනවරම උරඟ බලන තෙක් අපිව පරීක්ෂා කිරීමේ බලයක් මහජනතාවට තිබෙනවා. ඒ නිසා මම හිතනවා මේ පාර්ලිමේන්තුව ඉදිරි වසර කිහිපය මහජනතාවගේ පරීක්ෂාවෙන් සමත්වෙන පාර්ලිමේන්තුවක් බවට පත්විය හැකියි කියලා. ඒ සඳහා ගරු කථානායකතුමන්ගේත්, මන්ත්‍රීවරුන්ගේත්, දායකත්වය මම බලාපොරොත්තු වෙනවා.

ශක්තිමත් රාජ්‍ය සේවක් ඇති කරනවා

ඊළඟ විශේෂම ජනවරම තුළ අපි දන්නවා ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවකයන් වැඩිම ප්‍රමාණයක් ආණ්ඩුවක් වෙත ඡන්දයක් දීපු මැතිවරණයක් මේක. අපේ රටේ රාජ්‍ය සේවය කෙරෙහි පොදුජනතාවගේ තිබෙන්නේ යහපත් චිත්‍රයක් නොවෙයි. පොදු ජනතාව තුළ රාජ්‍ය සේවය කෙරෙහි යම් අයහපත් චිත්‍ර විශාල ප්‍රමාණක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්න අය දිහා බැලුවත් ඒගොල්ලන්ට තමන්ගේ රාජකාරි පිළිබඳව තමන්ගේ රාජකාරි ජීවිතය පිළිබඳව තෘප්තියක් නෑ. ඒ නිසා අපි හමුවේ තිබෙන්නේ ජනතාව සතුටට පත්නොවන රාජ්‍ය සේවයක් සහ සේවයේ යෙදනෙ අය තෘප්තිමත් නොවන රාජ්‍ය සේවයක්. ඒ නිසා අපේ පූර්ණ වගකීම තමයි තෘප්තිමත් රාජ්‍ය සේවයක් දෙපාර්ශ්වය තුළ ජනතාවට සහ එහි වැඩකරන අයට. ඒ නිසා මේ ජනවරමෙන් ඔවුන් පෙන්නුම් කර තිබෙන්නේ මේ යහපත් රාජ්‍ය සේවක් සඳහා අප විසින් ඉදිරිපත් කර ඇති යෝජනා, ප්‍රතිසංස්කරණවලට ඔවුන්ගේ තිබෙන පක්ෂපාතීත්තවය. අපිට ශක්තිමත් රාජ්‍ය සේවයකින් තොරව අපිට ඉදිරියට යන්න පුුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නෑ.

කාර්යක්ෂම රාජ්‍ය සේවයක්

ලෝකයේ සෑම රටකම අලුත් හැරවුමක් ලබා ගැනීමේදි දේශපාලන නායකත්වයේ මග පෙන්වීම් වගේම රාජ්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය වැදගත්. දේශපාලන අධිකාරින්ට කවර ප්‍රමාණයේ බලාපොරොත්තු, අපේක්ෂාවන් ඉලක්කයන් තිබුණත් ඒ අපේක්ෂාවන් බලාපොරාත්තු සහ ඉලක්කයන් මෙහෙයවිය හැක්කේ ඊට සරිලන අනුගත වෙන රාජ්‍ය සේවයක් නිර්මානය කරගන්න සමත්වුණොත් විතරයි. ඒ නිසා අපි විශ්වාස කරනවා. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් මහජනතාවගේ හිතසුව පිණිස වැඩකරන රාජ්‍ය සේවක් මේ රටේ යළි ස්ථාපිත කළ යුතුයි ඒ නිසා මා හිතනවා රාජ්‍ය සේවය තුළන්ම ප්‍රබල ජනවරමක් අප වෙත ලබා දී තිබෙනවා. ඒ පිළිබඳ අපි අවධානය යොමුකර තිබෙනවා.

යළි රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කරනවා

ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සෑම පුරවැසියෙක්ටම තමන් අදහන ආගම, තමන්ගේ භාෂාව, තමන්ගේ සංස්කෘතින් අනුව හුදකලාවීමට ලක්විය යුතු නෑ. තමන් අදහන ආගම තමන්ට අතිරේක පීඩාවක් ඇතිවිය යුතු නෑ. තමන්ගේ සංස්කෘතිය තමන්ට අතිරේක පීඩාවක් දෙනවා යැයි කියලා පීඩා විය යුතු නෑ. තමන් නියෝජනය කරන දේශපාලනය තමන්ට අතිරේක පීඩාවක් ගෙන දෙනවා යැයි කියලා හැඟිමක් ඇති විය යුතු නෑ. දේශපාලනික වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ නිසා හැමදෙනාටම බියෙන් සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රාජ්‍යක් ගොඩනැංවීම අපේ වගකීමක්. ඒ වගකීම අපි ඉටු කරන බව අපි ඔබට සහතික කරනවා.

ඒ වගකීමේ ප්‍රධාන පංගුවක් තමයි යළි අපේ රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම. නීතියේ විධාන ආධිපත්‍ය තහවුරු වෙන්නේ මේ පාර්ලිමේන්තුව තුළ සකස් කරනු ලබන නීති තුළින් පමණක්ම නොවෙයි. මේ පාර්ලිමේන්තුව විවිධ අවස්ථාවල සාකච්ඡා විවිධ දීර්ඝ විවාද හරහා ඉතාමත් ප්‍රගතිශීලී ශක්තිමත් නීති සම්පාදනය කරලා තියෙනවා. හැබැයි නීතී සම්මත කිරීම ප්‍රමාණවත් නෑ. නීති නිසිපරිදි ක්‍රියාවේ යෙදවිය යුතුව තිබෙනවා. ඒ වගේම ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙනවා යැයි හැඟිමක් ඇතිවිය යුතුව තිබෙනවා.

නමුත් පසුගිය කාලය පුරාවටම අපේ රටේ සිදුවූ දේ තමයි නීතිය පිළිබඳ අපේ රටේ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී තිබෙනවා. තමන්ට යම් දෙයක් සාධාරණ ලෙස සිදු නොවුනාම නීතියේ ඉදිරියට ගොස් සාධාරණය ඉටු කරගත හැකියි කියන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. තමන්ට අයුක්තියක් සිදුවුණාම ඒ අයුක්තිය විසඳ ගැනීම නීතියේ පිහිට පැතිය හැකියි කියන විශ්වාසය බිඳ වැටිලා තියෙනවා. පොදු ජනතාව තුළ නීතියේ සහ විධානයේ ආධිපත්‍ය කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටිලා තියෙනවා. නීතියේ සහ විධානයේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමකින් තොරව යහපත් රාජ්‍යක් ගොඩනැගීමට අපි කිසිසේත්ම හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරන්නේ නෑ.

ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන

යහපත් රාජ්‍යක් ගොඩනගනවා නම් එහි ප්‍රධානම පදනමක් බවට නීතියේ විධානයේ ආධිපත්‍ය සහතික විය යුතුයි. ඒ නිසා අපි රාජ්‍යක් හැටියට ජනාධිපතිවරයා ලෙසත් අපේ ආණ්ඩුව ලෙසත් අපි මේ නිතියට යටත්. කිසිදු දේශපාලකයෙක් හෝ අධිකාරි බලයක් තිබෙන කිසිවෙක් මින් පසුව නීතියට උඩින් සිටින්නේ නෑ හැම දෙනාම තීනියට යටත්ව සිටිය යුතුයි. ඒ වගේම නීතිය පිළිබඳව ජනාතවගේ බිඳ වැටුණු විශ්වාසය නැවත තහවුරු කළ යුතුයි. මෙතැනදි කිසිසේත්ම අපිට කිසිවෙකුගේ පළිගැනීමට කිසිවෙකු හඹා ගොස් දඩයම් කිරීමට වුවමනාවක් අපිට නැහැ. හැම කෙනාටම නිදහසේ තමන්ගේ දේශපාලනය කරන්න තිබෙන අයිතිය තහවුරු කරනවා. හැබැයි ලංකාවේ ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපරාධකරුවන් කල්පනා කරනවා නම් ඒවා කාලයේ වැලිතලාවෙන් යටපත් කරලා අවසන් කරන්න පුළුවන් කියලා ඒ නීතිය පිළිබඳව ජනතාවගේ තිබෙන විශ්වාසයේ බිඳ වැට්ටවීමක්. නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න නම් ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධයන් පිළිබඳව යලි විමර්ශනය කොට වින්දිතයන්ට සාධාරණයත් අපරාධකරුවන්ට දඬුවමත් ලබා දිය යුතුයි. ඒ නිසා විවිධ අවස්ථාවල මේ රටේ සිදුවී තිබෙන අපරාධ තමන්ගේ දේශපාලන වේදිකාවේ දේශපලන සටන් පාඨ බවට පත් කරගෙන තිබෙනවා. හැබැයි ගොඩනැගුණු කිසිදු රාජ්‍යක් ඒ පිලිබඳ සාධාරණය ඉටු කරගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා මම ඔබට සහතික වෙනවා ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධයන් එහි වගඋත්තරකරුවන් හෙළිදරව් කරන බවටත්, ඔවුන් නීතිය හමුවට ගෙනියන බවටත් සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. අපිට අවශ්‍යයි නීතිය යුක්තිය සාධාරණත්වය ඉටුවන රාජ්‍යක්. ඒ රාජ්‍ය මේ ලැබී තිබෙන ජනවරම තුළවත් ස්ථාපිත කරන්න අසමත් වන්නේ නම් යළි එවැනි රාජ්‍යක් පිළබඳව සිහින දැකීමෙන් වත් පළක් නෑ."

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us