අද වන විට කුකුල්මස් මිල ගණන් වෙනස් වී තිබෙනවා.

ඉන්දීය රජයේ රුපියල් මිලියන 300ක ප්‍රදානයක් මඟින් වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2019 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව එක්ස් පණිවුඩ නිකුත් කරමින් සදහන් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඉතාම තීරණාත්මක අවස්ථාවේ රට බේරාගත් රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරියේ දී සහාය පළ කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරුමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපතිවරයාට සහාය ලබාදෙන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කර සිටියි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බවට එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් රට බේරා ගැනීමට ජනාධිපතිවරයාට හැකි වු බව පෙන්වා දෙන ඒ මහතා ජනාධිපතිවරයාගේ පැහිදිලි හා තීරණාත්මක නායකත්වය ජාතික ස්ථාවරත්වය වර්ධනය කිරීමට හේතු වු බව පෙන්වා දෙයි. 

එවැනි අභියෝගාත්මක කාලයක් නැවත පැමිණීම වැළැක්වීමට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහාය දැක්විම අත්‍යවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර .

එළැඹෙන ජනාධිපතිවරණය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ.

මේ දක්වා අපේක්ෂකයන් සිව් දෙනෙකු පමණක් 2024 ජනාධිපතිවරණයට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත.

ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවක් අද (30) ප.ව. 5.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකග වි ඇති බව ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබේ. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් එකසිය පස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us