රට සහල් අවශ්‍ය නෑ - හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

Published in පුවත්
Tuesday, 03 December 2024 10:30

අයහපත් කාලගුණයෙන් වූ වගා හානිය සහල් ආනයනය කිරීමට තරම් බරපතළ එකක් නොවන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ඩබ්ලිව්.එච්. දුමින්ද ප්‍රියදර්ශන පවසයි.

වගා හානියෙන් ශේෂ වූ නිෂ්පාදනය මාස හතකටත්, එළැඹෙන යල කන්නයේ නිෂ්පාදනය තවත් මාස හයකටත් දේශීය පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වීම ඊට හේතුව බව ප්‍රියදර්ශන මහතා අවධාරණය කළේය.

එළැඹෙන මහ කන්නයේදී අවම වශයෙන් මාස 7කට ප්‍රමාණවත් වී නිෂ්පාදනයක් ලැබෙන බැවින් අපේක්ෂිත නිෂ්පාදනය සමග සමස්ත හානිය කලබල විය යුතු තත්ත්වයක නැති බව ඔහු කීවේය.

වාර්ෂික සහල් අවශ්‍යතාවයෙන් 65%ක් පමණ වී නිෂ්පාදනයක් ලැබෙන මහ කන්නයේදී කුඹුරු අක්කර ලක්ෂ 20ක් පමණ වගා කෙරෙන බව කී හෙතෙම එමගින් අපේක්ෂිත මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක වී නිෂ්පාදනය මාස 9ක දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් වන බව පැවසීය.

මේ මහ කන්නයේ වගා හානිය උපරිමය අක්කර ලක්ෂ 4ක් ලෙස සැලකුවහොත් එයින් පහළ වැටෙන්නේ සමස්ත නිෂ්පාදනයෙන් 20%ක් බව ත් ඉතිරි 80% මාස 7ක දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් බව ත් ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.

එම නිෂ්පාදනය පෙබරවාරි මස සිට ලැබෙනු ඇති බව කී හෙතෙම මෙවර හානි වූ බිම්වලින් කොටසක හෝ නැවත වගාකිරීම් සිදුවන බව ත් මෙවැනි හානි මහ කන්නය ආරම්භ වන බොහෝ අවස්ථාවල සිදුව ඇති බව ත් පැවසීය.

කෙසේ වෙතත්, මෙසේ ලැබුණු අධික වැසි සමග වී නිෂ්පාදනය කෙරෙන සියලු පෙදෙස්වල වැව් පිරී ගොස් ඇති බැවින් එළැඹෙන යල කන්නය සාර්ථක වනු ඇති බව ප්‍රියදර්ශන මහතා පෙන්වා දුන්නේය.

එසේ සාර්ථක වන යල කන්නයෙන් තවත් මාස 6ක දේශීය පරිභෝජන අවශ්‍යතා සැපිරෙනු ඇති බව ත් ඒ අනුව සිදුව ඇති වගා හානිය නිසා ලබන වසරේදී සහල් ආනයනය කිරීමට කිසිසේත් සිදු නොවන බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේය.

මව්බිම

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us