ආණ්ඩුව පෙරළන්න ඉන්න අයට ආණ්ඩුව කලින්ම තීන්දුව දීලා  

Published in පුවත්
Tuesday, 03 December 2024 10:17

නඩු ටික අහලා තීන්දු ටික දුන්නාම ආණ්ඩුව පෙරළන්න ඉන්න අයට බන්ධනාගාරවලට පෙරළිලා යන්න වෙනවා. ආණ්ඩුව පෙරළන්න කාටවත් බැහැ. අපි රට හදනවා.

වත්මන් ආණ්ඩුව පෙරළීමට වෙර දරන විපක්ෂයේ කණ්ඩායම්වලට පෙරළී යාමට සිදුව ඇත්තේ බන්ධනාගාරවලට බව වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න පැවසීය.

රිදීමාලියද්ද ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී පසුගියදා (30 වැනිදා) පැවති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

''අපේ ආණ්ඩුව පෙරළනවා කියලා පාරම්බාන විපක්ෂයේ අයට එළියට නොපොනුනාට ඒ අය කරපු වැඩ වලට අදාළ ෆයිල් ටික ඇතුළෙන් හැදෙනවා. තව මාස දෙක තුනක් යනකොට නඩු එක දෙක උසාවියට එනවා. නඩු ටික අහලා තීන්දු ටික දුන්නාම ආණ්ඩුව පෙරළන්න ඉන්න අයට බන්ධනාගාරවලට පෙරළිලා යන්න වෙනවා. ආණ්ඩුව පෙරළන්න කාටවත් බැහැ.අපි රට හදනවා.

දැන් අපි ආණ්ඩුවේ සාකච්ඡා කරනවා අපේ රටේ පොල් හිඟයක් තියෙනවා කියන කාරණය. මට පොල් විෂය භාරයි. ඒ හින්දා ලබන කන්නේ පොලි ටිකක් වැඩියෙන් වගා කරන්න ඕනි. ඒවාට අපි ආධාර උපකාර දෙන්න දැන් සාකච්ඡා කරමින් යනවා. ඉතිං අපි දැන් හිතමු පොල් අක්කර කාලකට ආධාරයක් දෙනවා ඉස්සෙල්ලාම වළවල් කපන්න කියලා. ඒකෙන් කසිප්පු බීලා එහෙම කියන්න ඒපා වළවල් කපා ගන්න බැරිවුණා කියලා. ඒවා බැහැ ඒවා පහුගිය ආණ්ඩු කාලේ. වාගාවට දීපු සල්ලි වගාවට යන්න ඕනි. නැත්නම් මේ රට හදන්න බැහැ. ගම්වල ඉන්නවා විවිධ හැකියාවන් තියෙන පොඩි පොඩි කාර්මාන්ත කරන්න පුළුවන් අය.

පහුගිය අවුරුදු හැත්තෑ හයේ ලංකාවේ පවුල් ප්‍රමාණයට වඩා මහන මැෂින් බෙදලා තියෙනවා කියන කථාවේ ඇත්තක් තියෙනවා. අපේ අය නොමිලේ දෙනවානම් ඕනි කුණුගොඩක් භාර ගන්නවානේ. උදව් අවශ්‍ය හැකියාව තියෙන කට්ටියට පක්ෂ පාට බේදයකින් තොරව අපි සහයෝගය දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා .

අන්ත දුප්පත් පවුලක මිනිහෙක්නේ මම. අද මේ ගෙවල් දොරවල් මේ ගානට හදාගත්තේ මැති ඇමැති කම් කරලා නෙවෙයි. මේ වත්තේ තේක්ක ගස්වල සල්ලියි ,ගමිමිරිස් සල්ලි,අක්කා කකුල් කැ‌ඩෙනකම් මහලා හොයාගත්ත සල්ලි සහ බැංකු ලෝන් ඒකකුයි තමයි මේ තියෙන්නේ. .මේක මේ ගානට හදාගත්ත ඒක ගැන දැන් සන්තෝසයක් තියෙනවා නැත්නම් කවුරු හරි කියන්න පුළුවන් ඇමැතිකෙනෙක් වුණාට පස්සේ ගේ ලොකු කරගත්තා කියලා. ආය දැන් කියන්න බැහැ මොකද ගේ හදලයි ඇමැති කම ගත්තේ.

මම අමාත්‍යංශයේ වැඩ පටන් ගත්තේ විගණන නිලධාරින් ගෙනල්ලා. ඒ අයට අපේ අමාත්‍යංශයේ තත්ත්වේ සමාලෝචනය කරා. අඩුපාඩු දූෂණ වංචා වෙලාද බැලුවා. කාගෙන් වත් පලිගන්නවත්, කාටත් රිදවන්නවත් බලාපොරොත්තුවක් නැහැ. දවසින් දෙකෙන් මේක හදන්න බැහැ. වසර හැත්තෑ හයක් විනාශ කරලා තියෙන රටක් බංකොලොත් වෙච්ච රටක් අපිට පුළුවන්ද මාසෙන් දෙකෙන් ගොඩ දාන්න'' යැයිද ඇමැතිවරයා කීවේය.

 

අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us