2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
ලෝක දුම්වැටි නිවාරණය දිනය අදයි . දුම්වැටි භාවිතයෙන් දිනකට මෙරට පුද්ගලයින් 50 ක් මරණයට
ලෝක දුම්වැටි නිවාරණය දිනය අදට (31) යෙදී තිබේ.
ලාල් කියලා තියෙන්නේ මරණාධාර සමිති නීතිය ගැන, ආර්ථික කමිටු කියන්නේ කැලෑ කමිටු බවත් කියයි
අධිකරණ බලය ගමේ ජනතාව දක්වාම ගමන් කළ යුතුය යන ස්ථාවරයේ වෙනසක් නැති බවත්, නීති සකස් කර ගනිමින් එම නීති ක්‍රියාත්මක කරමින් ජනතාව දැනටත් කටයුතු කරන මරණාධාර සමිති ඊට එක් උදාහරණයක් බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල්කාන්ත කුණ්ඩසාලේ පැවැති ජාතික ජන බලවේගයේ ප්රචාරක වැඩසටහනකට එක්වෙමින් පවසයි.
ජනතාව බලාපොරොත්තු වූ ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඉවත් කළ දූෂණ සහ අල්ලස් නඩු අසූ නවයක් නැවත විභාග කිරීම ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ පෙන්වා දෙයි.
ගුරු විදුහල්පති වැඩවර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථක බව ස්ටාලින් කියයි
ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසඳන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති එකමුතුව ඊයේ (30) රට පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථක බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ (30) පැවැසීය.
ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව දැනටමත් ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති අතර, යුරෝපා සංගමය දැනටමත් සිය විශේෂඥයින් භූමියේ තත්ත්වය පිළිබඳ පූර්ව මැතිවරණ තක්සේරුවක් සඳහා යොදවා ඇති බව වාර්ථා වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද(31) නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.