විපක්ෂයේ විරෝධය මැද, කතුන් සවිබල ගැන්වීමේ කෙටුම්පත සම්මත වෙයි
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) සම්මත කෙරිණි.
පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් දහඅටදහස් දෙසියහතක්
පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් දහඅටදහස් දෙසියහතක් (18207) ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල ලියාපදිංචි කර තිබේ.
පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතාම වසර අටකට කාලයක් ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341 කට වැඩි පාඩුවක් සිදුවීමෙන් ඉන්ධන වෙනුවෙන් ජනතාවට අතිරේක බරක් දැරීමට සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී ඇත.
යෝගා දිනය සැමරීමට එක්වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ජනාධිපතිට ඉල්ලීමක්
යෝගා ව්‍යායාම ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව යෝගා දිනය සැමරීම සඳහා එක්වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් එවමින් ඉල්ලා තිබේ.
පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව ශ්‍රී ලාංකික බෞද්ධයන් සමරන පූජනීය දිනයයි.
ඉන්දීය විදේශ ඇමති හා ජනපති එක්ව නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කෙරේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට සංචාරයේ නිරත ඉන්දීය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් එක්ව, ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කෙරිණ.
ජනාධිපති රනිල්ගේ නිවැරදි නායකත්වය කඩා වැටුණු රට යළි ගොඩනගන්න පිටිවහලක් වුණා
සෑම අංශයකින්ම කඩාවැටුණු රට යළි ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවැරදි නායකත්වය මනා පිටිවහලක් වූ බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පවසා සිටියි.
සයිබර් ආරක්ෂාව ගැන ළමුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක්
සයිබර් ආරක්ෂාව සහ සමාජ මාධ්‍ය ආරක්ෂාකාරීව භාවිතය පිළිබඳ පාසල් ළමුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය හා ශ්‍රී ලංකා සර්ට් ආයතනය පියවර ගෙන තිබේ.