මාළු මිරිස්, අමු මිරිස් කිලෝව රුපියල් 1,400 ක් දක්වා ඉහළට

Published in පුවත්
Friday, 07 February 2025 08:34

වෙළෙඳපො‌ළේ මාළු මිරිස්, අමු මිරිස් කිලෝවක ‍සිල්ලර මිල රුපියල් 1,400 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දඹුල්ල, කැප්පෙටිපොළ ආදී ආර්ථික මධ්‍යස්ථානවල අමු මිරිස් කිලෝවක් ඊයේ (06 වැනිදා) දිනයේදී රුපියල් 1,000ත් 1,100ත් අතර සිල්ලර මිලකට අලෙවි කෙරුණි.

මාළු මිරිස් මිල ගණන් දැනට මාස කීපයක සිටම අඛණ්ඩව ඉහළ මිලක පැවතියත්, පසුගිය වැසි තත්ත්වයත් සමග අමු මිරිස් මිල ගණන් ද ඉහළ ගොස් තිබේ. ආර්ථික මධ්‍යස්ථානවලට සැපයෙන අමු මිරිස් තොග සීමිත වීම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇතැයි ද වෙළෙඳපො‌ළ තොරතුරු පවසයි.

මාළු මිරිස්, අමු මිරිස්වලට අමතරව අනෙකුත් එළවළු වර්ගවල මිල ගණන්ද ඉහළ ගොස් තිබේ.

පසුගිය දිනවල කැරට් කිලෝවක තොග මිල රුපියල් 40 ත් 50 ත් අතර මිලක් දක්වා පහත බැස තිබූ අතර, මේ වනවිට කැරට් කිලෝවක තොග මිල රුපියල් 400ක් දක්වා වැඩිවී ඇත. ඉදිරි දිනවලදී එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ද ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us