සියලුම දේශීය සහල්වල මිළ ඉහළට

Published in පුවත්
Friday, 07 February 2025 08:39

සියලුම දේශීය සහල් වර්ගවල සිල්ලර මිල ඉහළ ගොස් තිබෙන බවත්, රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ ගොස් ඇති බවත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ඉකුත් ජනවාරි මස අග සතියේදී නිකුත් කරන ලද සතිපතා ආහාර ද්‍රව්‍ය විවරණිකාවේ දැක්වේ.

එමෙන්ම, 2024/25 මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භවීමත් සමග සියලුම වී වර්ගවල මිල ගණන් පහත වැටී තිබෙන බවත් එම වාර්තාවේ සඳහන්ය.

තොග සැපයුම පහළ යාම හේතුවෙන් නාඩු සහල් සියයට 4 ත් 5 ත් අතරකින් ඉහළ ගොස් ඇති අතර, නාඩු සහල් කිලෝවක් රුපියල් 230 ත් 240 ත් අතර පරාසයක අලෙවි කෙරුණු බවත් අදාළ වාර්තාවේ දැක්වේ. එමෙන්ම, සම්බා සහ රතු කැකුළු සහල් වෙළෙඳපොළේ නොතිබූ බවද සඳහන්ය.

කෙසේ නමුත්, ඉකුත් වසරට (2024) සාපේක්ෂව සහල් තොග මිල සැසදීමේදී නාඩු දෙවන ශ්‍රේණිය සියයට 13 කින් ඉහළ ගොස් ඇති අතර, කීරි සම්බා සහල් මිල සියයට 26 කින් පහත වැටී ඇත. එමෙන්ම, රතු කැකුළු සහල් කිලෝවක සිල්ලර මිලෙහි ඉහළ යාම සියයට 55 කි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us