ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් ඇතුළු ආහාර මිල රුපියල් 25 කින් අඩුවෙයි
විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්ෂව ආපනශාලා ආහාර මිල පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.
සෞන්දර්ය විෂයන් ගැන ඇති වන ප්‍රකාශ සාවද්‍යයි. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පණිවිඩයක්
සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
විදුහල්පති දීමනාව රුපියල් පහළොස් දහසක් දක්වා ඉහළ නංවන තෙක් දේශපාලන නියෝජිතයන් සහභාගි වන නිල හෝ නිල නොවන උත්සව වර්ජනය කිරීමටත් පාසල්වල පවත්වන කිසිදු උත්සවයකට දේශපාලන නියෝජිතයන්ට ආරාධනා නොකිරීමටත් විදුහල්පති වෘත්තීය සංගම් හතක් තීරණය කර තිබේ.
වාසු අසනිප නිසා වාමාංශික පෙරමුණේ නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්නට
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එහි තාවකාලික නව නායකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කර තිබෙන බව වාර්තා වනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා බඳවාගත් 370ක පිරිසක් සඳහා පත්වීම් ලිපි ප්රදානය කර තිබේ.
සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර බෙහෙත් දුන් පොඩි දොස්තර නෝනා රිමාන්ඩ්
සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර පුහුණු වෛද්‍යවරියක ලෙස පෙනී සිට නීතිඥ යුවළකගේ අවුරුදු 6 සහ 8 වියේ පසුවූ කුඩා දරුවන් දෙදෙනෙකුට පෞද්ගලික වෛද්‍ය සායනයක් තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වෛද්‍ය ශිෂ්‍යාවක් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (15) පස්වරුවේ නියෝග කළේය.
තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනාවකට බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම වී මේ වනවිට බන්ධනාගාරගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කාන්තා සිරමැදිරියේ වැඩ අංශයට යොමුකර තිබෙන බව වාර්තාවේ.
යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය දිවයිනට
යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසුලේ ( Audrey Azoulay ) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (16) අලුයම දිවයිනට පැමිණියා.