මෙරට රෝහල් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් අටසියයකගේ පමණ පුරප්පාඩු පවතින බව රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙවර ද නවක මන්ත්‍රිවරුන් මාර්ගගත ක්‍රමයට පමණක් ලියාපදිංචි කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

මෙලෙස ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නවක මන්ත්‍රිවරුන්ගේ ලේඛනය ගැසට් කරනු ලැබීමෙන් පසුව ය. එම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව සියලු මන්ත්‍රිවරුන්ට එක් වරක් භාවිත කළ හැකි රහස්‍ය අංකයක් ( OTP ) කෙටි පණිවුඩයක් මගින් පාර්ලිමේන්තුවෙන් යැවෙන අතර මන්ත්‍රිවරු ලියාපදිංචි විය යුතු වන්නේ එම රහස්‍ය අංකය ඇතුළත් කරමිනි.

එලෙස ලියාපදිංචි වන මන්ත්‍රිවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට පෙර දින දෙකේ (19 සහ 20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ තොරතුරු කවුළුවක් විවෘත කෙරේ. ස්ථාවර නියෝග ඇතුළු අණපනත් මෙන්ම පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් දැනුවත් විය හැකි තොරතුරු එම කවුළුවෙන් මන්ත්‍රිවරුන්ට ලබා ගත හැකි වෙයි. පෙරවරු 9.30 සිට සවස 3.30 දක්වා මෙම තොරතුරු කවුළුව විවෘතව පවතී.

එමෙන් ම එම දින දෙකේදී සියලු මන්ත්‍රිවරුන්ගේ ඇඟිලි සලකුණු හා ඡායාරූප ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරේ. ඇඟිලි සලකුණු ලබා ගැනෙන්නේ සභා ගර්භයේ ක්‍රියාත්මත විද්‍යුත් ඡන්ද විමසීමේ ක්‍රියාවලිය වෙනුවෙනි.

මාර්ගගත ක්‍රමයට මන්ත්‍රිවරුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය ආරම්භ කරන ලද්දේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය 2020 වසරේ සිට ය. එම පද්ධතියම මෙවරත් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කීවේය.

-p.m

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ විය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (14) සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම ඇතුළු ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදකයින් 5 දෙනෙකුට නොවැම්බර් 30 වනදා වන විට රුපියල් බිලියන 8.5 ක හිඟ බදු නොගෙවන්නේ නම්, ඔවුන්ගේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහිමි වීමේ අවදානමකට මුහුණ දීමට සිදුවනු ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලෙස එරට නාම් තමිලර් කච්චි ප්‍රධානී සීමන් ඉන්දීය රජයෙන් ඉල්ලා ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර සිටිනවා.

හාල් මෝල් හිමියන් රයිස් පොලිස් මිල හා සුණු සහල් මිල තුන්ගුණයකින් වැඩිකිරීම නිසා කුකුළු ආහාර නිෂ්පාදනය කරගත නොහැකි පසුබිමක බිත්තරයක මිල රුපියල් 60ක් 65ක් අතර ඉහළ යන ලකුණු පෙන්නුම් කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (11 වැනිදා) පැවසීය.

2024 මහමැතිවරණය හේතුවෙන් දිවයිනේ ඇති සියලු පාසල් සඳහා අද(13) දිනයේ සිට නිවාඩු ලබාදී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය තීරණ තිබෙනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us