වෛද්‍ය රංජනී ගමගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අපහාස වන අයුරින් සිදුකළ මාධ්‍ය ප්‍රකාශය සම්බන්ධව නීති මගින් කටයුතු කිරිමට එම සංගමය තීරණය කර ඇත.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ වෛරී සහගත ප්‍රකාශ හා සංකේත අන්තර්ගත බැවින් ෆේස් බුක් ගිණුම අහෝසි කිරීමට තීරණය කළ බව ෆේස් බුක් බලධාරීන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

යුද හමුදා පොලිසියේ ලාන්ස් කෝප්‍රල් වරයකු නිල ඇඳුමෙන් පැමිණ අඟුලානේ දී රුපියල් 500ක පැකට්ටුවක් මිලදී ගනිද්දී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.

සභාවේ කටයුවලට බාධා වන අයුරින් සෙසු මන්ත්‍රීවරුන් සමග සතුටු සාමීචියේ යෙදී සිටි එජාප මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මියට කථානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී අවවාද කළේය.

අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්වී පසුගියදා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී ඩබ්ලිව්.ඒ. උදය කුමාර මහතාට නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට නාමයෝජනා ලබාදුනහොත්, තම පක්ෂයට දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රකාශ කරයි.

මත්තල ගුවන් තොටුපොළේ ආදායම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ වාද විවාද ඇති විය. ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතා අතරයි.

වසරේ මුල් මාස 4 තුළ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 18 යි දශම 6 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇති බව මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් වසර මැද නිකුත් කළ රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් හෙළිවේ.

පසුගිය වසරේ (2013) සිට මේ දක්‌වා ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බව තහවුරු වූ කිසිදු ආනයනික කිරිපිටි තොගයක්‌ මෙතෙක්‌ වෙළෙඳපොළින් ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට බලධාරීන් පියවර ගෙන නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඊයේ (23 දා) පැවැසීය.

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us