අලුත්ම කොපි කරන යන්තරේ (video)

Published in අනං මනං
Friday, 10 July 2015 15:41

විභාගයකදී කොපි කරලා තියෙනවද? පාසල් ගිය ඕනෑම කෙනෙක් ඒ අත්දැකීම විඳලා ඇති. ඕක ලංකාවට විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම තැනකට අදාලයි.

පසුගියදා ඉන්දියාවේ පාසල් කිහිපයකම විභාගයක් අතරතුර කොපි කරන ආකාරය විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබුණා. ඒත් දැන් ලෝකෙ දියුණුයි. තුන්ඩු ලියාගෙන ඇඳුම් අස්සෙ හංගගෙන ඉස්සර වගේ කරදර වෙන්න ඕන නෑ.

ඉන්දියාවේ වෙළඳපොළට අලුතෙන්ම විභාගයකදී කොපි කිරීමට යොදාගත හැකි බැනියමක් හඳුන්වා දී ඇති බව බිබිසී සේවය අනාවරණය කර තිබෙනවා .

මේ විශේෂිත බැනියමේ කර ප්‍රදේශයේ කුඩා මයික්‍රොපෝනයක් සවිකර ඇති බව පැවසෙනවා. මෙය කුඩා වයර් එකක් හරහා බැනියමේ වාටියේ ඇති දුරකථන ග්‍රාහකයකට සම්බන්ධ වෙනවා. මීට අමතර මේකටම සම්බන්ධව ඉතා කුඩා බ්ලුටූත් තක්ෂණය සහිත ඇන්ටනාවක් කනේ සැඟවිය හැකි ආකාරයට නිර්මාණය කර තිබෙනවා.

දිල්ලි වෙළඳ පොළෙන් මිලදී ගත හැකි මේ උපකරණය හරහා තමන් කැමති කෙනෙක් සංවාදයේ යෙදෙමින් තමන්ගෙ වැඩේ කරන්න පුළුවනි.

මීට අමතරව පහසුවෙන් කොපි කිරීමට හැකි ලෙස නිර්මාණය කරපු අත් ඔරලෝසු, ටයි පටි විතරක් නෙමේ යට ඇඳුම් පවා විකිණීමට ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා .

සිතාරා කුලරත්න

Last modified on Friday, 10 July 2015 15:48

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us