ශල්‍ය කර්මයක් අතරතුර ගී ගයමින් වාදනයේ යෙදෙන මිනිසෙක් (video)

Published in අනං මනං
Saturday, 06 June 2015 14:03

බ්‍රසීලයේ රෝහලක සිදු කරපු  මොළයේ ශල්‍යකර්මයක් අතරතුර ගී ගයමින් ගිටාර් වාදනයක යෙදුනු පුද්ගලයෙකු ගැන වාර්තා වෙනවා.

වයස 33ක් වන ඇන්තනි ඩයස් තමන්ගෙ මොලයේ ඇති ගෙඩියක් ඉවත්කිරීම සඳහා ශල්‍යකර්මයක්  කරන අතරතුර සින්දු 6ක් ගායන කරමින් ගිටාරය වාදනය කරලා තියෙනවා.

කොහොම උනත් මේ ගෙඩිය ඉවත්කිරීමේදී ඩයස්ගේ කතා කිරීමේ හැකියාවට සහ අනිකුත් කොටස් වලට බලපෑමක් සිදු වෙනවද කියල දැනගන්නත්  මේ ගායනය සහ වාදනය උදව් වෙලා.  ඩයස් වසර 20ක් පුරා ගිටාර් වාදනයේ යෙදෙන්නෙක්.

මේ අරුම පුදුම සිදුවීම පිළිබඳ ඔහුගේ වෛද්‍යවරයා පවසන්නේ මොළයේ ඇතුලත් සෛල කැපීමේදී වේදනාවක් නොදැනුනත් ඉන් පිටත කොටස් සහ සම කැපීමේදී වේදනාවක් ඇතිවන බවයි. ඒ නිසා මේආකාරයට වේදනාව ඉවසගෙන ගී ගැයීම  සහ ගිටාර් වාදනය කිරීම පුදුමයක් ලෙස ඔහු දකිනවා.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us