ඇමැති නියෝගයෙන් පැමිණ හයියෙන් දුවන කෙල්ල

Published in ක්‍රීඩා
Saturday, 06 June 2015 08:42

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින් තේරී නොතිබුණද, පසුව ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාගේ නියෝගයෙන් චීනයේ වූහෑන් බලා පැමිණි මීටර් 100 ඉසව්වේ නවතම සොයා ගැනීමක් බවට පත්වූ 18 හැවිරිදි රුමේෂිකා රත්නායක තම ඉදිරි මලල ක්‍රීඩා දිවිය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු පළ කරයි.

මීටර් 100 කාන්තා අවසන් තරගයට සහභාගීවී ආසියාවේ 5වැනි තැනට පත්වූ රුමේෂිකා මීටර් 100තත්පර 11.56කින් නිම කොට තම පෞද්ගලික හොඳම දක්ෂතාව සටහන් කිරීමට සමත්වීම විශාල ජයග්‍රහණයක් සේ සලකයි. ඇය දැනට සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශාට පසු ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම කෙටි දුර ධාවන ශූරිය බවට පත්ව සිටීම මෙයට ප්‍රධාන හේතුවවී තිබේ. මීටර් 100 ඉසව්ව තරග ඉතිහාසයේ වසර 2000දී යොකොහාමා තරගාවලියේදී සුසන්තිකා ජයසිංහ තත්පර 11.04කින් හා 1999 වසරේ කත්මන්ඩු නුවරදී දමයන්ති දර්ශා තත්පර 11.19 හොඳම කාලය වාර්තා කර තිබූණි.

එයින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ කෙටිදුර ධාවන ශූරයවූ ජානි චතුරාංගනීගේ කාලයද අබිබවා යමින් රුමේෂිකා දස්කම් දැක්වීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ කාගේත් අවධානයට ලක්වූ කරුණක් බවට පත්ව තිබේ. ඇයගේ මලල ක්‍රීඩා දිවියට ජනශක්ති රක්ෂණ සමාගම අනුග්‍රහය දක්වමින් සිටින අතර එය විශාල ශක්තියක්වී තිබේ. එම ජනශක්ති අනුග්‍රහයෙන් අයට අවශ්‍ය ක්‍රීඩා උපකරණ හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමේ අවස්ථාව උදාවී තිබේ.

කෑගල්ල සාන්ත ජෝෂප් බාලිකා විදුහලේ ඉගෙනුම ලබමින් සිටින අතරතුර මෙලෙස දස්කම් දක්වමින් ඉදිරියට පැමිණීමට ඇයට හැකියාව ලැබී ඇත්තේ පුහුණුකාරිණී ඒ.ඩී.නන්දාවතී මහත්මිය දැක්වූ සහයෝගය හේතුවෙන් බව රුමේෂිකා රත්නායක පවසන්නීය. එයට කෘතගුණ දැක්වීම උදෙසා ඉදිරි කාලයේදී කිසිදු වෙනත් පුහුණුකරුවෙකු යටතට නොයන බව ඇය මාධ්‍යවේදීන්ට පැවැසුවාය.

“මා ඉදිරි කාලයේ වෙනත් පුහුණුකරුවෙකු ළඟට යනවාද? කියා බොහෝ දෙනෙකු අසනවා. මා නන්දාවතී ගුරු මෑණියන් හැර වෙනත් පුහුණුකරුවන් සොයන්නේ නෑ. පාසල් කාලයෙන් පසු කොපමණ ප්‍රශ්න මැද වුවත් ක්‍රීඩාව ඉදිරියට කරනවා. නවත්වන්නේ නෑ. තියෙන එකම ප්‍රශ්නය කෑගල්ලට හොඳ ක්‍රීඩා පිටියක් නොමැතිවීම. මා පුහුණු වෙන්නේ මඩ වලක. වැස්ස දවස්වලට පුහුණු වෙන්න බෑ. හොඳ ට්‍රැක් එකක් ලැබුනොත් අපට මෙයට වඩා යමක් කළ හැකියි” රුමේෂිකා රත්නායක පැවැසීය.

තරගයට පෙරදා පුහුණුකාරිණියගෙන් ලැබී ඇති උපදෙස් අනුව අවසන් තරගයෙදී කටයුතු කළ ආකාරයද ඇය සිහිපත් කළාය. “මිස් මට කිව්වේ තරගය ගැන පමණක් පෙරදා රෑ හිතන්න කියලයි. ආරම්භය හා මැද කොටසේ වේගය පවත්වා ගැනීම පළිබඳ අවධානය යොමු කළා. මට අවශ්‍ය වුණේ තත්පර 11.6කට පමණ දුවන්නයි. නමුත් එයට වඩා කර ගන්න පුළුවන් වුණා. මේ අවුරුද්දේ තවත් ජාත්‍යන්තර තරගයක් තිබුණොත් මා පදක්කමක් දිනනවා” රුමේෂිකා පැවැසීය.

මෙම තරගාවලියට පැමිණීම උදෙසා ජනාධිපතිතුමා හා ක්‍රීඩා ඇමැතිවරයා දැක්වූ සහයෝගයත්, විදුහල්පතිතුමිය ඇතුළු සියලු දෙනාටත් සිය ස්තූතිය පිරිනමන බව රුමේෂිකා රත්නායක පැවැසුවාය. රුමේෂිකාගේ පියා අබේරත්න බන්ඩාර මහතා පොලිස් නිළධාරියෙකු වන අතර මව රසිකා කුමාරී මහත්මිය ගෘහණියකි.

දිනමිණ

 

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us