සංගා - ඒබීඩි විලියර්ස් ද්වන්ධ සටන

Published in ක්‍රීඩා
Tuesday, 17 March 2015 08:00

ලබන බදාදා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ජගත් ක්‍රිකට් කුසලානයේ අර්ධ අවසාන පූර්ව වටයේ තරඟය ක්‍රීඩකයන් දෙදෙනකු අතර ද්වන්ධ සටනක් නොවන බව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු පවසයි.

රසල් ඩොමින්ගෝ ඒ බව කියා සිටියේ මේ දිනවල ඉතා දක්ෂ පිතිහරඹයක යෙදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගක්කාර ප්‍රබල අභියෝගයක් නොවේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්.

"අපි කුමාර් සංගක්කාර ගැන විතරක් අවධානය යොමු කරන්න ගියොත් අපි අනවශ්‍ය පීඩනයකට ලක්වෙනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයන් හුඟ දෙනෙක් ඉන්නවා," ඔහු පැවසීය.

"අනික ශ්‍රී ලංකාව ඒබීඩි විලියර්ස් ගැන විතරක් අවධානය යොමු කරන්න ගියොත් ඒක අපිට හොඳ දෙයක්. මොකද අපිට තවත් දක්ෂ ක්‍රීඩකයන් ඉන්න නිසා. ඒ නිසා මේක ඒ ක්‍රීඩකයන් දෙන්නගේ තරඟයක් පමණක් නෙවෙයි."

පීඩනය දරා ගැනීම

අනපේක්ෂිත ලෙසින් පසුගිය සතියේ පාකිස්තානයට පරාජය වීමත් සමඟ පීඩනය දරා ගැනීමේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හැකියාව යළිත් වරක් අවධානයට ලක් වී තිබේ.

ශ්‍රී ලංකා පිල ඉතා දක්ෂ කණ්ඩායමක් බව පිළිගන්නා පුහුණුකරු රසල් ඩොමින්ගෝ එබැවින් බදාදා තියුණු තරඟයක් බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

"ඔවුන් මෑතදී ඉතා දක්ෂ විදියට ක්‍රීඩා කළා. මම හිතන්නේ ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් අතර තරඟවලින් දෙපාර්ශවයම එක හා සමානව ජයගෙන තියෙනවා," දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු පවසයි.

"ඔවුන්ගේ සමහර පිතිකරුවන් මේ මොහොතේ ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. සමහර විට පන්දු යැවීමේ අංශයෙන් ඔවුන්ට ප්‍රශ්න තියෙන්න පුළුවන් නමුත් මීට කලිනුත් ඔවුන් ඒ වගේ තත්ත්වයන්වල ඉඳල තරඟ ජයගෙන තියෙනවා.”

1999 දී සහ 2003 දී අවසාන පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ නමුත්, 1992 දී යළි ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිවීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාව එදා මෙදා තුර ජගත් කුසලානයේ අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා නැහැ.

Last modified on Tuesday, 17 March 2015 08:03

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us