මේ චීන එළුවාගේ වසරයි

Published in අනං මනං
Thursday, 19 February 2015 15:07

චීනය කියන්නෙ වසර දහස් ගණනක ඉතිහාසයක් හා ලෝකයෙ විශාලම ජනගහණයද සහිතව ලෝකය තුල දියුණුවේ ඉහළට ම නඟින්න තරඟ කරන රටක්. හොවැංහෝ ගංගා නිම්න ශිෂ්ටාචාරය ගැන පාසල් ඉතිහාස පෙළපොත් වල කියවපු කාලෙ හැමෝටම මතකත් ඇතිනේ. ඔවුන්ගේ සිරිත් විරිත් උත්සව යනාදියටත් තියෙන්නෙ ඉතා ලොකු ඉතිහාසයක්. 

අලුත් අවුරුද්ද කියන්නෙ ලෝකෙ විවිධ රටවල් සමරන්නෙ වෙනස් විදියට. අපි අලුත් අවුරුද්ද සමරන්නේ අප්‍රේල් මාසේ. නමුත් චීන්නු අලුත් අවුරුද්ද සමරන්නෙ පෙබරවාරි මාසයේදී. ඇත්තටම මේක වසන්ත උත්සවය කිව්වොත් හරියටම හරි.

මේ වසන්ත සැණකෙළිය චීනයේ පවත්වන වැදගත්ම හා දැවැන්තම පාරම්පරික උත්සවය. චීන දින දර්ශනයට අනුව 2015 වර්ෂය ඇරඹෙන්නේ පෙබරවාරි මස 19 වනදා සිටයි. නව වසර උදාවෙන දිනය අවුරුද්දෙන් අවුරද්ද වෙනස් වෙනවා. එය තීරණය කෙරෙන්නේ චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව. මෙම දින දර්ශනයේ විවිධ රාශි ඇතුලත් වෙනවා. ඒ අනුව 2015 වර්ෂය නම් කෙරෙන්නෙ එළුවාගේ වසර ලෙසයි.

චීන අලුත් අවුරුද්ද සැමරීම සඳහා දින 8ක පමණ දීර්ඝ නිවාඩුවක් ලැබෙනවා.

අලුත් අවුරුදු සැමරීමේදී පවුලේ සියලු දෙනා එකට එකතුවීම සිරිතක්. අලුත් අවුරුදු දවසේ පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහය හඳුන් වන්නේ නැවත එකතු වීමේ භෝජන සංග්‍රහය යන තේරුමින්new-family Reunion Dinner නමින්. මේ භෝජන සංග්‍රහයේදී පවුලේ සියලු දෙනා මේසය වටා වාඩිවී එකට කෑම ගනු ලබනවා.

ඉතිහාසය
මේ අලුත් අවුරුදු සැමරීමට වසර 40000ක් පමණ අතීතයක් තියෙනවා. මෙහිදී විශ්වාසය වන්නේ සෑම වසරකදීම දෙවියන් සතුටු කළ යුතු බවයි. මේ වසරේදී කිසිදු කරදරයකින් තොරව තමන්ගේ අස්වනු සරුසාර කොට දෙන ලෙස ඉල්ලා දෙවියන් සතුටු කිරීම සිදුවෙනවා.

සංස්කෘතික අංග
විවිධ විදියේ සංස්කෘතික අංග පැවැත්වෙනවා. ඒ අතරට ගිනි කෙළි සංදර්ශන, මුතුන් මිත්තන් වන්දනා කිරීම, මකර නැටුම්, සිංහ නැටුම් ඇතුලත් වෙනවා. ඒ වගේම වසරේ වෙන කාලවලදී දක්නට නොලැබෙන සර්ප නැටුම් පවා මෙහිදී දක්නට ලැබෙනවා.

ඒ වගේම උතුරු චීනය ආශ්‍රිතව the Rice Sprout Song නම් ගීත විශේෂයක් ගයමින් නර්තනයේ යෙදීම සිරිතක්.

ආහාර
චීන අලුත් අවුරුදු උත්සවයේදී ආහාර පාන සඳහා හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. අලුත් අවුරුද්දේ සාදන සියලුම ආහාර වර්ග මගින් විවිධ දේ සංකේතවත් කරනවා. උදාහරණයක් ලෙස අලුත් අවුරුද්දේ දී මාළු පිස ගැනීම අනිවාර්ය සිරිතක්. මාළු පිස ගැනීමට හේතුව වශයෙන් සඳහන් වන්නේ මාළු යන චීන වචනයෙන් අතිරික්තය යන තේරුමක් ලබා දීමයි. මේ නිසා නව වසරේ මුදල් හා අස්වැන්න අතිරික්තයක් පතා මාළු ආහාරයට ගනු ලබනවා.

සැරසිළි
වීථි, නිවාස, ගොඩනැගිලි රතු පැහැයෙන් යුතු සරසිලි වලින් අලංකාර කිරීම සිරිතක් ලෙස සිදු වෙනවා. මෙම පැහැයෙන් සැරසීමට හේතුව වන්නේ රතු පැහැය සුභ වර්ණයක් ලෙස සැළකීමයි. සාමාන්‍යයෙන් new-year-decoනගරයේ විථි සරසන්නේ රතු පැහැති වෙසක් කූඩු වැනි සැරසිළි විශේෂයකින්. ඒ වගේම නිවාස හා කාර්යාල විවිධ වැකි ලියූ රතු පැහැති සැරසිලි වලින් අලංකාර වෙනවා. බැංකු වැනි විශාල ව්‍යාපාරික ස්ථාන සරුසාර බව පෙන්වන පින්තූර වලින් අලංකාර කිරීම සිරිතක්. ඒ විතරක් නෙමේ මේ වසර එළුවාගේ වසර නිසා එළුවා යොදාගනිමින් සෑදූ සෙල්ලම් බඩු හා විවිධ සැරසිළි දකින්න ලැබීම තවත් විශේෂත්වයක්.

තෑගි දීම
අවුරුද්දේ පවතින තවත් විශේෂ අංගයක් තමයි තෑගි හුවමාරු කර ගැනීම. මේ තෑගි හුවමාරු වෙන්නෙ රතු පැහැති ලියුම් කවරවල දමායි. බොහෝ විට මේ ලියුම් කවරව බහා හුවමාරු වෙන්නෙ මුදල්. හැබැයි මේ තෑගී ලබාදෙන්නේ ළමයින් සහ වයස්ගත පුද්ගලයන් සඳහා පමණයි.

ලෝකෙ අනිත් පාරම්පරික උත්සව වගේම චීන අලුත් අවුරුදු උත්සවයටත් නවීකරණය වෙලා. අලුත් අවුරුදු දවස් ටිකේ හැම ප්‍රවාහන මාධ්‍යක්ම ජනයාගෙන් පිරී යනවා. මේකට හේතුව විවිධ නගරවල කාර්ය බහුල ජීවිත ගතකරන චීන්නු අලුත් අවුරුද්දේදී තමන්ගෙ මුල් ගම් බිම් වලට යන්න දක්වන්නෙ ඉතා ලොකුnew-envelop උනන්දුවක්.
ඒත් එක්කම චීන ජනතාව විශ්වාස කරන විදියට තරුණියක් වයස අවුරුදු 30 සම්පුර්ණ වීමට පෙර සහ තරුණයෙක් වයස අවුරුදු 32 පසුවීමට පෙර විවාහ විය යුතුයි. මේ නිසා අලුත් අවුරුද්දට නිවසට පැමිණෙන විවාහ නොවූ තරුණ තරුණියන් සඳහා මංගල යෝජනා ගෙන ඒමත් මේ අලුත් අවුරුදු සමයේ සිදු වෙන දෙයක්. දෙමව්පියන් දක්වන මේ උනන්දුව නිසාම අද කාළේ තරුණියන් පෙම්වතුන් හා පෙම්වතියන් කුලියට ගැනීමට පෙළඹී සිටිනවා. පෙම්වතුන් සපයා දීම සඳහා ඕනෑ තරම් ආයතන සහ අන්තර් ජාල සේවා සැපයෙනවා.

ඒ විතරක් නෙමේ දැන් තරුණ තරුණියන් ජංගම දුරකථන හරහා සුභ පැතුම් හුවමාරු කර ගැනීමද සිරිතක් ලෙස සිද්ධ වෙනවා.

 

 

new-year1

new-year2

 

new-year4

new-year5

new-year6

new-year7

new-year8

new-year9

 

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us