මුහුදින් මතුවූ රන් කාසි නිධානය

Published in අනං මනං
Thursday, 19 February 2015 11:33

පැරණි සීසරියා වරාය අවට ප්‍රදේශය ගවේෂණය කරමින් සිටි ඊශ්‍රායල පුරා වස්තු අධිකාරියේ කිමිදෙන්නන් පිරිසකට මුහුදු පතුලේ තිබී වසර දහසක් පමණ ඉපැරණි රත්‍රන් කාසි 2000 ක් පමණ හමුවී ඇත.

මුලින්ම එම කාසි දුටු අවස්ථාවේ ඔවුන් විශ්වාස කර ඇත්තේ ඒවා සෙල්ලම් බඩු තොගයක් බවයි. කාසි කිහිපයක් රැගෙන පරීක්ෂා කිරීමේදී ඒවා ඉතා වටිනා රන් කාසි බව අනාවරණය වීමෙන් පසු එම ස්ථානයට පැමිණි විශේෂඥයන් විසින් විවිධ වටිනාකම් වලින් යුත් රත්‍රන් කාසි 2000 ගොඩ ගෙන තිබේ.

ඊශ්‍රායල පුරා වස්තු අධිකාරියේ මුහුදු පුරාවස්තු බාර අධ්‍යක්ෂ කොබි ශර්විට් (Kobi Sharvit)පැවසුවේ මෙම රන් කාසි වල සුල මුල සොයා ගැනීම පිණිස කැනීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔවුන්ගේ විශ්වාසය වන්නේ අතීතයේදී බදු මුදල් වශයෙන් රන් කාසි රැගෙන ආ බෝට්ටුවක් ඊජිප්තුව බලා යමින් තිබියදී අනතුරට පත්වන්නට ඇති බවයි. වසර 909 සිට 1171 දක්වා මැද පෙරදිග සහ උතුරු ඇමරිකාව පාලන කළ පැටිමිඩ් රාජ වංශය විසින් ඒවා පරිහරණය කර ඇති බව හා පැටිමිඩ් යුද හමුදා භට කණ්ඩායම්වල වේතන ගෙවීම සඳහා එම රන් කාසි ගෙන යන්නට ඇති බව විශ්වාස කෙරේ. මිට අමතරව මධ්‍යධරනී මුහුදු වරාය සහ වෙරළාසන්න නගරවල වෙළෙඳාමේ නිරත විශාල නෞකාවක එම රන් කාසි තිබිය හැකි බවට ඔවුන් මත පළ කරයි.

එම රත්‍රන් කාසි තොගයේ බර කිලෝ ග්‍රෑම් 9 ක් වන අතර ඊශ්‍රායල පුරා වස්තු අධිකාරිය විසින් එම රන් කාසි වල වටිනාකම දක්වා නැත.

gold-coin2

gold-coin3

gold-coins5

gold-coins6

Last modified on Thursday, 19 February 2015 11:34

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us