මෙවර ජාතික ක්‍රීඩා උළෙල අනතුරේ, ක්‍රීඩා නිලධාරීන් සටනට

Published in ක්‍රීඩා
Thursday, 22 January 2015 07:40

මෙතෙක්‌ නොවිසඳුණු සිය වැටුප් සහ වරප්‍රසාද පිළිබඳ ගැටලු විසඳා දෙන ලෙසත්, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරියව එම ධුරයෙන් ඉවත් කරන ලෙසටත්, ජාතික ක්‍රීඩා උළෙලේ පළමු පියවර පැවැත්වීම සඳහා දෙන මුදල් ප්‍රතිපාදන වැඩි කරන ලෙසත් ඉල්ලමින් සමස්‌ත ලංකා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක්‌ යොමුකර තිබේ.

අදාළ ලිපිය ලේකම්වරයා වෙනුවෙන් අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් බණ්‌ඩාර මහතා විසින් භාරගෙන ඇති අතර, මෙම ලිපියේ පිටපතක්‌ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙතද යොමුකර ඇත.

ජාතික මහා ක්‍රීඩා උළෙලක්‌ සඳහා සැරසීමට ප්‍රථම ඉකුත් ජාතික මහා ක්‍රීඩා උළෙල හා සම්බන්ධ පාර්ශ්වයන් කැඳවා පසුවිපරමක්‌ සිදුකර, එහි අදහස්‌ අනුව අදාළ ඉසව්ව සැලසුම්කිරීමේ සම්ප්‍රදායක්‌ මෙතෙක්‌ පැවැති නමුත්, ඉකුත් (40 වැනි) ජාතික මහා ක්‍රීඩා උළෙලේ පසුවිපරම සිදු නොකර එහි 41 වැන්න සඳහා අදාළ චක්‍රලේඛ සහ දිනදර්ශනය නිකුත් කිරීම ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරියගේ අත්තනෝමතික ක්‍රියාවක්‌ ලෙසින් එම ලිපියේ දක්‌වා තිබේ.

තවද ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරිය විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාගේ බලතලද ඉක්‌මවා කටයුතු කරන බවත් එමගින් ක්‍රීඩාව විනාශයකට ලක්‌වීමට ඉඩ නොදී ඇයව අදාළ ධුරයෙන් ඉවත් කරන ලෙසින් මෙහිදී ඉල්ලා තිබේ.

ඒ අතර 06/2006 වැටුප් චක්‍රලේඛයෙන් මගහැරුණු සිය සේවයේ වැටුප් විෂමතා ඉවත්කර පෙර එකඟත්වයට පත් සේවා ව්‍යවස්‌ථාව අනුමත කරදෙන ලෙසටද ඉල්ලීමක්‌ වේ.

තවද පළාත් ක්‍රීඩා අධ්‍යක්‍ෂවරුන් ලෙසින් කටයුතු කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් ඉවත් කර ක්‍ෂේත්‍රයේ තාක්‍ෂණික සහ ප්‍රායෝගික දැනුම සහිත ක්‍රීඩා විෂයෙහි නිලධාරීන් පත්කරන ලෙස ක්‍රීඩා නිලධාරීන් විසින් ඉල්ලීමක්‌ කර ඇත.

2015 ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා දැනට යවා ඇති චක්‍රලේඛ සහ දින දර්ශන වහාම අවලංගු කර, ජාතික මහා ක්‍රීඩා උළෙල සංවිධානයේදී සම්බන්ධ වන සියලු පාර්ශ්ව සහ සිය වෘත්තීය සමිති නිලධාරීන් සමග විධිමත් සාකච්ජාවකින් තරගාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා සැලසුම් කළ යුතු යෑයිද ඔවුන් දැනුම් දී තිබේ.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු පියවර පැවැත්වීම සඳහා ලබාදෙන රුපියල් 15,000 ක මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර එය රුපියල් 50,000 දක්‌වා වැඩිකරන මෙන්ද මෙහි ඉල්ලීමක්‌ වේ.

'ඇත්තමට අපි හිඟානොකා හිඟාකාල තමයි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදියර කරගන්නේ. සමහර විට ක්‍රීඩාංගණ වෙන්කරන්නම විතරක්‌ රුපියල් 35,000 ක්‌ විතර වැය වෙනවා. රජයෙන් දෙන රුපියල් 15,000 කොහොමත්ම සෑහෙන්නේ නැහැ. අපි එක එක්‌කෙනා පස්‌සේ ගිහින් තමයි සල්ලි හොයාගෙන ජාතික මහා ක්‍රීඩා උළෙලට මුලපුරන්නේ. ඒත් අපිට හැමදාම එහෙම කරන්න බැහැනේ. ඒ නිසා තවදුරටත් අපිට ගෙවන්නේ ඒ ගෙවපු මුදලම නම් ඉදිරියේදි අපි ඒ මුදලට කරන්න පුළුවන් දේ කරලා නතරවෙනවා.

හැබැයි අපට මේ සඳහා ප්‍රමාණවත් තරම් මුදලක්‌ දුන්නත්, අපේ වැටුප් විෂමතාව නිවැරදි කරනකම් අපි ජාතික මහා ක්‍රීඩා උළෙල වර්ජනය කරනවා. ඒ කියන්නේ ගිය වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලේදී අපි ක්‍රියාත්මක කළ වර්ජනය තවමත් ක්‍රියාත්මකයි කියන එක' යෑයි ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියකු මෙම ලිපිය සම්බන්ධයෙන් පවසා සිටියේය.

මෙම ලිපිය මගින් තමන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කරන ලද විමසුමකට පිළිතුරු දෙමින්, තම ධුරයෙන් පැවරී ඇති වගකීම් අනුව ක්‍රීඩා නිලධාරීන්ට අදාළව තමන්ට කිසිදු සෘජු යෙදීමක්‌ නොමැති බවත් එසේ තිබියදී තමන් පිළිබඳව අභූත චෝදනා එල්ල කරමින් තමන්ව මෙම ධුරයෙන් එලවීම සඳහා කටයුතු සිදුවන්නේ එක්‌ පුද්ගලයෙකුගේ උවමනාව මත බවත් ඇය චෝදනා කර සිටියාය.


'මල් ලැබුණු මට ගල් ගහන්නේ ඇයි'

'මම මගේ රාජකාරිය අකුරටම කරල තිබෙනවා. පරිපාලන ක්‍ෂේත්‍රයේ මෙයට ප්‍රථම මම සේවය කළ ස්‌ථානවල ප්‍රධානීන් මා විසින් ඉටුකළ රාජකාරිය ගැන පැහැදී විශේෂ ඇගයීම් පවා ලබාදී තිබෙනවා. ක්‍රීඩාවෙදි තමයි මේ අමුතු චෝදනා අහන්නට වුණේ. පරිපාලන සේවයේ නිලධාරිනියක්‌ ලෙසින් මට රටේ තවත් අමාත්‍යංශයක සේවය කරන්න පුළුවන්. ඒකට මම ලැහැස්‌තියි. මට ක්‍රීඩා අමාත්‍යංශයේම රැඳී සිටීමේ උවමනාවක්‌ නැහැ. නමුත් මම මෙතැනින් ඉවත්වුණොත් ඒ ගැන දුක්‌වෙන බොහෝ දෙනෙක්‌ ක්‍රීඩා පරිපාලනයේ සිටින බවත් මම කියන්න ඕනෙ' යෑයි ඇය වැඩිදුරටත් පවසා සිටියාය.


divaina

Last modified on Thursday, 22 January 2015 08:07

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us